අද පෙරවරුවේ මෙම ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග ජනතාව අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා නගරවල වෙළඳසැල් වලට ඇදී එනු දක්නට ලැබේ.
එමෙන්ම බැංකු හා ඉන්ධන පිරවුම්හල්වලද ජනතාවක් එක් රැස් වී සිටි.
නමුත් පෙර අවස්ථාවන්හි මෙන් ජනතාව තෙරපෙමින් සමීපව කටයුතු කරනු අද දක්නට නොලැබෙයි.
ඒ වෙනුවට බොහෝ ස්ථානවල දක්නට ඇත්තේ මීටරයක් හෝ ඊට වැඩි පරතරයක් තබාගෙන කිසියම් පිළිවෙළකට කටයුතු කරන පිරිසකි.
පොලිසියද ජනතාව ඒ ආකාරයෙන් හැසිරවීම සදමා මැදිහත් වෙමින් සිටිති.
වෙලදසැල්වලටද එක් වරකට ඇතුළු කර ගන්නේ සීමිත පිරිසකි. ඒවා ඉදිරියේ අත්සේදීම සදහා සූදානම් කර ඇත.
මේ අතර ඇතැම් ප්‍රදේශවල ජනතාව වෙනදා මෙන් පොරකමින් තෙරපෙමින් භාණ්ඩ එක්රැස් කර ගැනීමේ කටයුත්තේ නිරතව සිටින බවටද තොරතුරු වාර්තා වෙයි.
No comments:
Post a Comment