දරුවන්ට එන්නත් දීම ප්‍රමාද වුණාට බය වෙන්න එපා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 25, 2020

දරුවන්ට එන්නත් දීම ප්‍රමාද වුණාට බය වෙන්න එපා

දරුවන්ට එන්නත් දීම ප්‍රමාද වුණාට බය වෙන්න එපා

රටේ පවතින තත්ත්වය මත ජාතික ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය යටතේ දරුවන් එන්නත් කිරීමේ කටයුතු අතපසු වීම පිළිබඳව අනවශ්‍ය බියක් ඇති නොකර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ පැවසුවාය.

ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය අත්‍යවශ්‍ය  වුවත් පවතින සෞඛ්‍යමය ගැටලුව මත මවුවරුන් හා ළමුන් සායන වලට එක්රැස් කර ගැනීම අවධානම් බව ඇය  පැවසුවාය.

එම නිසා  පවතින සෞඛ්‍ය අවධානම පහව ගිය පසු එන්නත් මඟ හැරුණු ළමුන් ඇතුළුව එන්නත් ලබා දිය යුතු සියලුම ළමුන්ව සායන වලට ගෙන්වා ගැනීමේ කටයුතු පවුල් සෞඛ්‍ය සේවිකාවන් හරහා මවුවරුන් දැනුවත් කිරීමෙන් සිදු කරන බව ඇය සඳහන් කළාය.

No comments:

Post a Comment

Post Bottom Ad