කොරෝනා වෛරසය පැතිරවීමේ කුමන්ත‍්‍රණයක් ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 30, 2020

කොරෝනා වෛරසය පැතිරවීමේ කුමන්ත‍්‍රණයක් ?

කොරෝනා වෛරසය තවත් පැතිරවීමට ඇතැමුන් චේතාන්විතව කටයුතු කළේ දැයි සැකයක් විමර්ශන කටයුතුවලදී මතුව තිබෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

මේ දිනවලදී කොරෝනා වෛරසය වැළඳුණු ඇතැම් රෝගීන් ගේ හැසිරීම ගැන සැලකිලිමත් වීමේදී මේ බව හෙළි වන බව ඔහු කියා සිටියේය.

ඇතැම් රෝගීන් ඒ තරමටම තොරතුරු බොහොමයක් වසන් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව අසත්‍ය තොරතුරු ලබා දුන් රෝගීන් තිදෙනෙක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව ද ඔහු පැවසීය.

ඔවුන් නිසි ලෙස සත්‍ය තොරතුරු ප්‍රකාශ නොකර රෝහලට ඇතුළත්ව ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad