පළාත් පාලන ආයතන හරහා මහජන අවශ්‍යතා ඉටුකිරීමේ වැඩපිළිවෙලක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 27, 2020

පළාත් පාලන ආයතන හරහා මහජන අවශ්‍යතා ඉටුකිරීමේ වැඩපිළිවෙලක්

පළාත් පාලන ආයතන හරහා මහජන අවශ්‍යතා ඉටුකිරීමේ වැඩපිළිවෙලක්

පළාත් පාලන ආයතන හරහා ජනතාවගේ අත්‍යවශ්‍ය කටයුතු ඉටුකර දීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බව කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කළේය.

ඒ අනුව ප්‍රාදේශීය සභා, නගර සභා හා මහ නගර සභා හරහා එම කටයුතු සම්බන්ධීකරණය කෙරේ .

මේ වන විට පාර්ලිමේන්තු හා පළාත් සභා විසුරුවා ඇති අතර ඉහත ආයතන මහජන නියෝජිතයින්ගෙන් සමන්විතව සක්‍රියව පවතී.

ඇතැම් පළාත් පළාත් පාලන ආයතන මේ වන විටත් මේ කටයුතු ආරම්භ කර තිබේ.

පිවිතුරු හෙළ උරුමයේ නායකයාද වන උදය ගම්මන්පිල මහතා සහභාගි වූ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad