චීනයේ සිට එන මගීන්ට කිසිදු නිරෝධායනයක් නෑ, ඒ ඇයි ? - විජිත - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 12, 2020

චීනයේ සිට එන මගීන්ට කිසිදු නිරෝධායනයක් නෑ, ඒ ඇයි ? - විජිත

කුණු කොරියාවේ, ඉතාලියේ සහ ඉරානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන් නිරෝධායන ක්‍රියාවලියකට යටත් කෙරුණ ද නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ සිට පැමිණෙන මගීන් කිසිදු නිරෝධායනයකින් තොරව රට තුළට ඇතුළු කරගනිමින් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පෙන්වා දෙයි.

"2020 මාර්තු 07 වෙනිදා උදේ පාන්දර 05.00 වෙනකොට චීනයේ ඉඳලා ගුවන් යානා දෙකක් ආවා. මේ ආපු 181 දෙනා කිසිදු නිරෝධායනයකට ලක් කළේ නෑ. මේක ඉතාම බරපතළ තත්වයක්.

10 වෙනිදාත් එහෙමයි. ඒ අය කිසි කෙනෙක් නිරෝධායනයට ලක් කරන්නේ නෑ. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගුවන් තොටුපලට යවලා තියෙන ලිපියේ ඉතාම පැහැදිලිව සඳහන් කරලා තියෙන්නෙ ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය. මේ කියන රටවල්වලින් එන අය පමණක් නිරෝධායන කටයුතු සඳහා යොමු කරන්න කියලා.

මේ අපිව ගිහිල්ලා මඩකළපුවට දානවා, හැබැයි මේ අපි ඉස්සරහා චීන ජාතිකයෝ එනවා. මේ ගොල්ලොන්ව එහෙම ගෙනියන්නෙ නැත්තේ කියලා ලංකාවෙ අය අහනවා. පැය 9ක් කොරියාවෙ ඉඳලා ලංකාවට එන්න ගතවුණා පැය 8ක් ලංකාවෙ ගුවන් තොටුපලේ රස්තියාදු වුණා කරකියාගන්න දෙයක් නැතිවුණා. අන්න එතෙන්දි මේ පත්‍රිකාව බෙදාහැරියා. වතුර බෝතලේ පවා සල්ලිවලට ගන්න කියලා පත්‍රිකාවක් බෙදුවා. මේ විදියට ව්‍යාප්ත වෙලා ගියොත් තව මාස තුනකින්, පහකින් මොනවා වෙයිද කියන්න බෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

විජිත හේරත් මහතා මේ බව පැවසුවේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad