සජිත්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරටි - දෙමළ ජාතික සන්ධානය සජිත්ට බෑ කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 9, 2020

සජිත්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරටි - දෙමළ ජාතික සන්ධානය සජිත්ට බෑ කියයි

මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයට සහයෝගය ලබාදෙන ලෙසට කළ ඉල්ලීමක් දෙමළ ජාතික සන්ධානය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

උතුරු නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්කවලට සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයකට එක්ව තරග කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයට සමගි ජන බලවේගය ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණා.

එහිදී දෙමළ ජාතික සන්ධානය පෙන්වා දී ඇත්තේ ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සතුව කිසිදු විසඳුමක් නොමැති බවයි.

ජනාධිපතිවරණයට පෙර යාපනයේදී සහ කොළඹදී හිටපු විපක්ෂ නායකවරයා සමග සාකච්ඡා පැවැත්වූ අතර එහිදී මේ පිළිබඳව හොඳින් පැහැදිලි වූ බව දෙමළ ජාතික සන්ධානය අවධාරණය කර සිටිනවා.

කෙසේ වෙතත් මෙවර මහ මැතිවරණයේදී උතුරු නැගෙනහිර ආගම් පදනම් කරගනිමින්ද ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කර තිබෙනවා.a

No comments:

Post a Comment

Post Bottom Ad