ස්විස් පූජකයාගේ දේවමෙහෙයට පැමිණි 40 ක් හඳුනාගනී - 10ක් රෝහල්වල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 22, 2020

ස්විස් පූජකයාගේ දේවමෙහෙයට පැමිණි 40 ක් හඳුනාගනී - 10ක් රෝහල්වල

ස්විස් පූජකයාගේ දේවමෙහෙයට පැමිණි 40 ක් හඳුනාගනී - 10ක් රෝහල්වල

ස්විස්ටර්ලන්තයේ කොරෝනා වැළඳුනු පූජකවරයකු විසින් යාපනය අරියාලෙයි ප්‍රදේශයේ පැවත්වූ පූජාවට සහභාගී වූවන්ගෙන් 40 දෙනෙකු පමණ මේ වන විට හඳුනාගෙන ඇති අතර තවත් 10 දෙනෙකු යාපනය හා වව්නියාවේ රෝහල් වෙතට ඇතුලත් වී ඇති බවට ආරක්ෂක අංශ පවසයි.
 
අරියාලෙය් ස්විස් දේවස්ථානයක පැවති පූජාවක් පැවත්වූ ස්විස්ටර්ලන්තයේ සිට පැමිණ පූජකවරයා නැවත එරට යාමෙන් පසු ඔහුට කොරෝනා වයිරසය වැළඳී ඇති බව හඳුනාගෙන ඇත. ඔහු අසාධ්‍ය තත්වයේ පසුවීමත් සමග එම පූජාවට සහභාගී වූ බැතිමතුන් 150 කට ආසන්න පිරිසක් සොයා මේ දිනවල යුද හමුදාව, පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් මෙන්ම ග්‍රාමසේවක වරුන්ද එක්ව සෝදිසි මෙහෙයුම් වෙනුවෙන් දායක වී ඇත.
 
මේ අනුව අදාල පූජාවට සහභාගී වීමෙන් පසුව සිරුරේ ඇති වූ කිසියම් අසනීප තත්වයන් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට පුද්ගලයින් දෙදෙනකුද වව්නියාව රෝහලට පුද්ගලයින8 දෙනෙකුද ඇතුලත් වී පරීක්ෂණ කටයුතු සඳහා දායක වී ඇති අතර, එම පිරිසට වයිරසය වැළඳී ඇත්දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.
 
යාපනයේ පැවති පූජාව වෙනුවෙන් යාපනය, වව්නියාව හා මන්නාරම් දිස්ත්‍රීක්කයන්හි බැතිමතුන් පිරිසක් සහභාගී වීම හේතුවෙන් එම පූජාව සඳහා සහභාගී වූ සියලු දෙනා හැකි ඉක්මණින් පොලීසියට හෝ 021-2227278 යන දුරකතන අංකය ඔස්සේ පළාත් සෞඛ්‍ය කාර්යාලයට දැනුම් දී නිරෝධායනය වීමට පියවර ගන්නා ලෙසට උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය හා සෞඛ්‍ය නිලධාරීහු ඉල්ලා සිටිති.

No comments:

Post a Comment

Post Bottom Ad