ගෝඨාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප‍්‍රකාශණය මුද‍්‍රණය කලේ බැඳුම්කර වංචාවෙන් මිලට ගත් මුද‍්‍රණ යන්ත‍්‍රයේ - චම්පික - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 23, 2020

ගෝඨාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප‍්‍රකාශණය මුද‍්‍රණය කලේ බැඳුම්කර වංචාවෙන් මිලට ගත් මුද‍්‍රණ යන්ත‍්‍රයේ - චම්පික

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරඟ වැදීම සඳහා වූ ප‍්‍රතිපත්ති ප්‍රකාශනය මුද්‍රණය කරන ලද්දේ අර්ජුන් ඇලෝසියස්ගේ මුද්‍රණාළයක බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

එම මුද්‍රණ යන්ත්‍රය ගෙන්වන ලද්දේ බැඳුම්කර චංචාවෙන් උපයාගත් මුදලින් බවද ඔහු සඳහන් කළේය.

පවතින ආණ්ඩු කිසිසේත්ම බැඳුම්කර හොරුන් අත්අඩංගුවට ගන්නෙ නැතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවැති උත්සව සභාවක් අමතමිනි.

චම්පිකගේ කතාව පට්ට බොරුවක් - පොහොට්ටුව

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් මුද්‍රණය කළේ අර්ජුන් ඇලෝසියස් බැඳුම්කර වංචාවෙන් මිලට ගත් මුද්‍රණාලයක බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක කරන චෝදනාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කර බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

එහි ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක පත්‍රිකා සියල්ල මුද්‍රණය කරනු ලද්දේ දෙමටගොඩ පිහිටි මුද්‍රණාලයක බවයි.

2005දීත්, 2010දීත්, 2015දීත් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් සියලු මුද‍්‍රණ කටයුතු කලේ එම මුද‍්‍රණාලයේ බවද ඔහු පැවසීය.

රනිල් ඇල්විටිගල මහතාට අයත් ‘Print & Print’ නම් මුද්‍රණාලයේ මෙම කටයුත්ත සිදු වූ බවද ඔහු කියා සිටියේය.

චම්පික රණවක මහතා විසින් කරන ලද ප‍්‍රක‍්‍රශය සම්පූර්ණයෙන්ම බැහැර කරන බවද ඔහු තව දුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad