මිනිස්සු ඡන්දේ දෙන්නේ ලකුණට නෙවෙයි ප්‍රතිපත්තිවලට - මාන්නප්පෙරුම - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 24, 2020

මිනිස්සු ඡන්දේ දෙන්නේ ලකුණට නෙවෙයි ප්‍රතිපත්තිවලට - මාන්නප්පෙරුම

මිනිස්සු ඡන්දේ දෙන්නේ ලකුණට නෙවෙයි ප්‍රතිපත්තිවලට - මාන්නප්පෙරුම

මැතිවරණයේදී වැදගත් වන්නේ ඡන්ද ලකුණට වඩා ඉදිරිපත් කරන ප්‍රතිපත්ති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

සිරිකොත පැවති මාධ්‍ යහමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මේ වන විට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සන්ධානය යටතේ මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර ඇති බවත් ලකුණු කිහිපයක් අතුරින් එකක් තෝරා ගැනීමට සිදුව ඇති බවත් ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත් අලියා ලකුණ සන්ධානයේ ලකුණ බවට ලබා ගැනීමට උත්සාහ කරන නමුත් එහි යම් නීතිමය ගැටලුවක් ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ඡන්ද දායකයා ඡන්දය ලබා දෙන්නේ ලකුණට නොව ප්‍රතිපත්තියට බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad