සිරකරුවන් සිවු දෙනෙකුට ජනාධිපති සමාව සූදානම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 22, 2020

සිරකරුවන් සිවු දෙනෙකුට ජනාධිපති සමාව සූදානම්

තුරේ මානුෂික මෙහෙයුම අවසාන භාගයේ සිදුවූ සිදුවීම් දෙකකට සම්බන්ධ බවට චෝදනා කරමින් අධිකරණයේ වරදකරු කර සිරගත කර සිටින හමුදා නිලධාරියකුට සහ සෙබළුන් තිදෙනකුට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට නියමිතව ඇතැයි අලුත්කඩේ නීති අංශ ආරංචි මාර්ග කියයි.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති අංක 34 යටතේ ජනාධිපතිවරයාට පැවරී තිබෙන වරදකරුවන්ට සමාව දීමේ බලය ප්‍රකාරව ක්‍රියා කරමින් මෙකී සමාව ප්‍රදානය කරන බව වැඩිදුරටත් වාර්තා වේ.

කොළඹ සහ ත්‍රිකුණාමලය මහාධිකරණයේ විභාග වූ නඩු දෙකකට අදාළව මෙම හමුදා සෙබළුන් සහ හමුදා නිලධාරියා වරදකරුවන් වී දැනට සිරදඬුවම් විඳිමින් සිටිති.

මේ සිව් දෙනාම මහාධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කළ තැනැත්තන් බවද වාර්තා වේ.

මොවුන්ට ජනාධිපති සමාව ලබාදීමට තීරණය කර ඇති ජනපතිවරයා එසේ සමාව ලබාදීමට ඇති හැකියාව පිළිබඳව මෙකී නඩු විභාග සිදුකළ මහාධිකරණ විනිසුරුවරු තිදෙනාගෙන් විධිමත් වාර්තා ලබාගැනීම සඳහා මේ වන විටත් පියවර ගෙන ඇති බව මහාධිකරණ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

– deshaya


No comments:

Post a Comment

Post Bottom Ad