පොළොන්නරුවේ හාල් ව්‍යාපාරිකයා සේනාධිපතිගෙන් ගත් කෝටි පහේ කප්පම ආයේ දීලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 25, 2020

පොළොන්නරුවේ හාල් ව්‍යාපාරිකයා සේනාධිපතිගෙන් ගත් කෝටි පහේ කප්පම ආයේ දීලා

පොළොන්නරුවේ හාල් ව්‍යාපාරිකයා සේනාධිපතිගෙන් ගත් කෝටි පහේ කප්පම ආයේ දීලා

මතභේදාත්මක ඇවන්ගාඩ් සමාගමේ හිටපු සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගෙන් පොළොන්නරුවේ ප්‍රකට වී මෝල් හිමිකරුවෙකු ලබා ගත් රුපියල් කෝටි 05ක (ලක්ෂ 500) කප්පම් මුදල යළිත් සේනාධිපති මහතාට ලබා දී ඇති බව වාර්තා වේ.

මෙම කෝටි පහේ කප්පම් මුදල සේනාධිපති මහතා වෙත යළිත් ලබා දී තිබෙන්නේ ඔහු සිරගතව සිටි කාලයේදීය.

පසුගිය රජය සමයේදී තමන්ගෙන් කප්පම් ගත් දේශපාලඥයින් ඇතුළු ඉහල පෙලේ ව්‍යාපාරිකයින් රැසක් සිටින බවත් එසේ තමන්ගෙන් කප්පම් ඉල්ලු දුරකථන සංවාද තමන් පටිගත කර තිබෙන බව ප්‍රසිද්ධ කිරීමත් සමග බොහෝ දේශපාලඥයින් මෙන්ම ව්‍යාපාරිකයින් තමන්ගෙන් ලබා ගත් කප්පම් මුදල් ආපසු ලබා දෙමින් තිබෙන බවද සේනාධිපති මහතා ප්‍රකාශ කර තිබේ. 

මෙම කප්පම් ගැනීම් සිදුව තිබෙන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාලන කාලයේදී වන අතර ඉහත සඳහා  පොළොන්නරුවේ කප්පම් ගත් ව්‍යාපාරිකයා එම රජයේ හයිය මත සිය ව්‍යාපාර කටයුතු වේගයෙන් ප්‍රවර්ධනය කළ බව ප්‍රකට කරුණකි. 

No comments:

Post a Comment

Post Bottom Ad