මධ්‍යම රජයෙන් ලද සතයක්වත් හරවා යැව්වේ නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 13, 2020

මධ්‍යම රජයෙන් ලද සතයක්වත් හරවා යැව්වේ නෑ

මධ්‍යම රජයෙන් ලද සතයක්වත් හරවා යැව්වේ නෑ

මධ්‍යම රජය විසින් උතුරු පළාත් සභාව වෙත එවූ ප්‍රතිපාදන වලින් සතයක් හෝ නැවත හරවා නොයැවූ බවත් හරවා යැවීමට හෝ ප්‍රමාණය වීමට තරම් වත් මුදල් පළාත් සභාව වෙත නොලැබුණු බවත් උතුරු හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා පවසයි. 

උතුරු පළාත වෙනුවෙන් මධ්‍යම රජය එවූ මුදල් මා නැවත හරවා යැවූ බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ දී ප්‍රකාශ කළ බවත් නිසි අවබෝධයකින් තොරව අගමැතිවරයා එවන් ප්‍රකාශයක් සිදුකර තිබෙන බවත් විග්නේෂ්වරන් මහතා කීය.

උතුරු පළාතට රජය වෙන්කර යැවූ මුදල් ප්‍රයෝජනයට නොගෙන ආපසු මහා භාණ්ඩාගාරයටම හරවා යැවූ බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේදී සිදුකළ ප්‍රකාශයක් පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර සිටි.

එහි වැඩිදුරටත් මෙසේ ද සඳහන් කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉන්දියාවට ගිහිං අපේ අඩුපාඩු කියලා තමන් හොද නම දිනා ගන්න හදනවාද ? ඔහු සැබැවින්ම ඒ ප්‍රකාශය නොදැන සිදුකලාද දැන දැනම සිදුකළාද කියලා දන්නෙ නැහැ.

මා මහ ඇමැති ධූරය දැරූ පස් වසරක කාලය තුළ පළාත් සභාවට ලැබුණු මුදල්වලින් සතයක්වත් මධ්‍යම රජයට ආපසු හරවා යැව්වෙ නැහැ.ප්‍රථමයෙන්ම 2012 වසරේදී  මිලියන් 12,000ක් ඉල්ලුවා. නමුත් මිලියන් 1650 ක් විතරයි ලබාදුන්නේ.එහෙම තියෙන තත්වයක නැවත මුදල් හරවා යවන්න සල්ලි තියෙන්නේ.පසුව පැමිණි වර්ෂයන් වලදී මිලියන් 3000ස් ගණනක් දෙනවයි කියල වරින් වරයි මුදල් ලබා දීම් සිද්ධ කලේ.අපි බලයෙන් නික්ම ගිය පසුවත් ඒ කියන්නේ පසුගිය 2019 වසරේ දී  පවා මුදල් විශාල ප්‍රමාණයක් මධ්‍යම රජය විසින් උතුරු පළාතට ලැබී නැහැ.

මෙනිසා අපට අවශ්‍ය පරිදි මුදල් මධ්‍යම රජය විසින් ලබා නොදී එවූ මුදල් අප නැවත හරවා යැවූ බවට අගමැති මහින්ද රාජපක්ෂ  මහතා ඉන්දියාවේදී ප්‍රකාශ කිරීම පුදුම සහගතයි. දෙවන කාරණය අප මිලියන් 12000ක මුදලක් ඉල්ලුවම 10න් 1ක පංගුවක් අපට ලබා දීල ඉතිරි මුදල් සියල්ලම මධ්‍යම රජයේ අමාත්‍යවරුන්ට ලබා දුන්නා. එයාල ඒ මුදල් උතුරු පලාත වෙනුවෙන් වියදම් කරනවා කියල මාධ්‍ය මගින් ප්‍රචාරය කරමින් සිදුකලේ මොනවද ? උතුරු නැගෙනහිර පළාත්වලට ඒ සියළු මුදල් යැව්වද ? දිසාපතිවරුන්ටයි ඒ මුදල් යැව්වේ.එයාල ඒ මුදල් නැවත හරවා යැව්වද කියන එක ප්‍රශ්නයක්. එලෙස මුදල් නැවත හරවා යැව්වේ නම් දිසාපතිවරුන් ඒ ගැන අපව දැනුවත් කරන්න ඕන.

අගමැතිවරයා විදේශ රටවල් සමගින් කතා කිරීමේදී සත්‍ය අවබෝධයකින් යුතුව කතා කරන්න ඕනැ. රට තුළ දේශපාලන වේදිකාවේ කතා කරනවා වගේ කතා නොකළ යුතුයි.අග්‍රාමාත්‍යවරයාට 1992/58 අංක දරණ නීතිය දන්නවාද කියල මම දන්නෙ නැහැ.13 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් පළාත් සභා සඳහා ලබාදී ඇති සීමිත බලතලවලින් මධ්‍යම රජය තමන් වෙනුවෙන්ම එක් බලතල විමධ්‍යගත කිරීමක් සිදුකරගෙන තිබෙනවා. ඒ කියන්නේ පිරිනමා ඇති බලතල වලින් අඩකට වඩා ඉහත පනතට අනුව මධ්‍යම රජය විසින් උදුරාගෙන තිබෙනවා. දිසා ලේකම්, ප්‍රාදේශීය ලේකම්,ග්‍රාම නිලධාරීන් යන නිලයන් 13 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව පළාත් සභා බලතල යටතේයි සිටිය යුත්තේ. නමුත් 1992 /58 පනත ප්‍රකාරව ඔවුන් මධ්‍යම රජයේ පාලනය යටතට ගෙන තිබෙනවා.මෙනිසා උතුරු නැගෙනහිර පළාත් සදහා එවූ මුදල් මෙම නිලදාරින් විසින් නැවත හරවා යවා ඇතැයි සිතනවා.

ඒ කියන්නේ මධ්‍යම රජයේ නිලධාරීන් අපට උදව් කරනවා වගේ පෙන්වලා අප වෙනුවෙන් වැය කළ යුතු මුදල් මධ්‍යම රජයට නැවත හරවා යවන්න ඕන.මේ ගැන අගමැතිවරයා සොයා බැලිය යුතුයි. අප වෙත වරද පැටවීම නතර කර ගන්න ඕන.අගමැතිවරයාගේ අවබෝධය පිණිස එක් දෙයක් කියන්න කැමතියි. 2016 වසරේ ශ්‍රී ලංකාවේ 850ක අධිකව ඇති දෙපාර්තුමේන්තු සහ අමාත්‍යංශ අතරින් විශේෂ මුදල් පරිපාලනය ගැන ප්‍රථම ස්ථානය දිනා ගත්තේ මාගේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යංශයයි.

No comments:

Post a Comment

Post Bottom Ad