"ජවිපෙත් එක්ක සන්ධානයක් නෑ - මම කියපු කතාව වැරදියට තේරුම් අරගෙන" - රවුෆ් හකීම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 25, 2020

"ජවිපෙත් එක්ක සන්ධානයක් නෑ - මම කියපු කතාව වැරදියට තේරුම් අරගෙන" - රවුෆ් හකීම්

එළඹෙන මහමැතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය ජනතා විමුක්ති පෙරමුණ හෝ දෙමළ ජාතික සන්ධානය සමඟ සන්ධාන ගත නොවන බවත් දේශපාලනික වශයෙන් දරන මත එකිනෙකට වෙනස් නිසා මෙම පක්ෂවලට මැතිවරණයකට තරඟ කිරීම පිණිස එකතු වීමේ හැකියාවක් නොමැති බවත් මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා පවසයි.

සුළු පක්ෂ හා සුළු ජනතාව නියෝජනය කරන පක්ෂ එකට එකතුවී සන්ධානයක් ලෙස කටයුතු කරන බවට තමන් මුස්ලිම් කොංග්‍රස් 29 වන සමුළුවේදී කළ කතාව තුළින් වැරදි මතයක් සමාජ ගතව තිබෙන බවද ඒ මහතා කීය.

අදාළ ප්‍රකාශය නිවැරදි කිරීම පිණිස මහනුවර අර්ලිස් රිජින්සි හෝටලයේදී ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවකදී හකීම් මහතා මේ බව ප්‍රකාශ කළේය.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම පිණිස සුළු පක්ෂ හා සුළු ජනතාව නියෝජනය කරන පක්ෂ එකට එකතුවී කටයුතු කිරීමේ අවශ්‍යතාවක් තිබෙන බවත් ඒ සඳහා එම පක්ෂ සමඟ සාකච්ඡා කරන බවත් මුස්ලිම් කොංග්‍රස් නායකයා පැවසුවේය.

මැතිවරණයට පෙර සුළු ජනතාව නියෝජනය කරන පක්ෂ එකට එකතුවී සන්ධානයක් ගොඩනගන බවට තමන් කළ කතාවෙන් වැරදි මතයක් සමාජගත වීම නිසා විශාල අර්බුදයක් පැන නැගුණු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතා මේ සම්බන්ධයෙන් තමන්ට කතා කළ අවස්ථාවේ අදාළ ප්‍රකාශය නිවැරදි කිරීමට තමන් කටයුතු කරන බව දැනුම් දුන් බවත් හෙතෙම පවසයි.

ඉදිරි මහ මැතිවරණය මුස්ලිම් කොංග්‍රසය එජාපය සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ ගොඩනගන සන්ධානය සමඟ එක්ව තරඟ කරන බවත් තමන් මහනුවර දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වන බවත් ඒ මහතා කීය.

No comments:

Post a Comment

Post Bottom Ad