විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගත යුතුමයි.. නියෝගයක් ඉල්ලා නිතිපති උසාවි යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 27, 2020

විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගත යුතුමයි.. නියෝගයක් ඉල්ලා නිතිපති උසාවි යයි

ධිකරණය හමුවේ පැවැති නඩුවක සැකකරුවකු රක්‍ෂිත බන්ධනාගාරගත කිරීම සඳහා හිටපු රාජ්‍ය ඇමැති පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා සමඟ දුරකථන සංවාදයේ යෙදී කුමන්ත‍්‍රණය කළේ යැයි කියන මේ වන විට වැඩතහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස නීතිපතිවරයා ඊයේ (26දා) නුගේගොඩ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් මොහොමඞ් මිහාර් මහතාගෙන් ඉල්ලා සිටියේය.
නිසි අධිකරණ ක‍්‍රමවේදයක් අනුගමනය කර වරෙන්තු ලබාගෙන ගිහාන් පිලිපිටිය මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට මින් පෙර අවස්ථා දෙකකදී නියෝග කර ඇතත් වැඩබලන පොලිස්පතිවරයා එකී නියෝග කි‍්‍රයාත්මක කර නොමැති බව පෙන්වා දෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ සොලිසිටර් ජනරාල් හරිපි‍්‍රයා ජයසුන්දර මහත්මිය අධිකරණයෙන් එම ඉල්ලීම කළාය.

එබැවින් නීතිපතිවරයා සතු ව්‍යවස්ථාපිත බලතල අනුව නීතිපතිවරයා වෙනුවෙන් තමන් මෙම ඉල්ලීම කරන්නේ යැයිද හරිප‍්‍රියා ජයසුන්දර මහත්මිය එහිදී අධිකරණයට පෙන්වා දුන්නාය.

අධිකරණය හමුවට ඉදිරිපත් වන යම් පැමිණිල්ලක අධීක්‍ෂණ නිලධාරියා වනුයේ එකී පැමිණිල්ල කැඳවනු ලබන මහෙස්ත‍්‍රාත්වරයා බවද එහිදී අධිකරණයට පෙන්වා දුන් හරිප‍්‍රියා ජයසුන්දර මහත්මිය නීතිපතිවරයා කළ නියෝගය පැහැර හැරීමෙන් පොලිසිය ඔවුන් සතු රාජකාරි වගකීම් පැහැර හැරීමක් මෙන්ම අධිකරණයට අපහාස කිරීමක් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පොලිසියට එරෙහිව නිසි පියවර ගන්නා ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

මෙකී පැමිණිල්ල සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර වහාම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාස අධ්‍යක්‍ෂවරයාට සහ එහි ස්ථානාධිපතිවරයාට නියෝග කරන ලෙසද හරිපි‍්‍රයා ජයසුන්දර මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

එම ඉල්ලීම් සම්බන්ධයෙන් නියෝග ලබන 02 දා නිකුත් කිරීමට දින නියම කළ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් දැනුම්දුන් විට පෙනී සිට අවශ්‍ය ප‍්‍රකාශ ලබාදෙන ලෙසටද එම නඩුවේ පළමුවැනි සැකකරු ලෙස නම් කර ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතාට නියෝග කළේය.

– divaina


No comments:

Post a Comment

Post Bottom Ad