"ජාතික ගුවන්සේවයක් හා දෙවැනි ගුවන්තොටුපොළක් තිබීමේ වැදගත්කම පෙනුනා" - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 3, 2020

"ජාතික ගුවන්සේවයක් හා දෙවැනි ගුවන්තොටුපොළක් තිබීමේ වැදගත්කම පෙනුනා"

රටේ ජාතික ගුවන්සේවයක් හා දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපලක් තිබීමේ වැදගත් කම වූහාන් වල සිරවී සිටි ශ්‍රී ලංකිකයින් මෙරටට ගෙන ඒමේ සිද්ධියෙන් තහවුරු වුයේ යැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

කොරෝනා වසංගතය හේතුවෙන් වූහාන් ප්‍රදේශයේ සිටි ශ්‍රී ලංකීය සිසුන් ඇතුළු 33 දෙනා මෙරටට රැගෙන ඒම සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ ශ්‍රී ලංකන් ගුවන් යානයේ කාර්යමණ්ඩලයට ප්‍රණාමය පුද කරමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

ඒ වෙනුවෙන් කැපවූ ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ වෙතද සිය ප්‍රණාමය පල කරන බවද ඇමතිවරයා සඳහන් කළේය.

 “මම දැක්කා එක්සත් ජාතික පක්ෂය කියනවා ආණ්ඩුව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවට එන එක වලක්වන්න ගත්ත පියවර ප්‍රමාණවත් නැහැ කියල. පාස්කු ප්‍රහාරය එල්ල වන බව බුද්ධි අංශ කියද්දී කිසිම පියවරක් නොගෙන මර නින්දේ හිටපු එක්සත් ජාතික පක්ෂය අද නින්දෙන් ඇහැරිලා කිඹුල් කදුළු හෙලනවා අඩු තරමේ පාස්කු ප්‍රහාරයෙන් පස්සෙවත් මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න මේ අය කටයුතු කළේ නැහැ.

අපේ ජනාධිපතිපත් වුනාට පස්සේ තමයි ඒ පියවර ගත්තේ කොරෝනා වෛරසය ලෝකය තුල ව්‍යාප්ත වෙන්න ගන්නවාත් එක්කම අපි ඒක රටට එන්න වලක්වන්න පියවර ගත්තා. ජනාධිපතිතුමා අගමැතිතුමා සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ කටුනායක ගුවන්තොටුපල මේ වෙනුවෙන් දිවා රැ නොබලා කැපවුණා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය කියන උදවිය කියන බොරුවලට ජනතාව රැවටෙන්නේ නැහැ ඔවුන් හදන්නේ කොරෝනා වල එල්ලිලා හරි ගොඩ යන්නයි.

එක්සත් ජාතික පක්ෂය පහුගිය අවුරුදු 05 තුළම හැදුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණන්න මත්තල විකුණන්න අද රටට ඔප්පුවෙලා තියෙනවා. ජාතික ගුවන්සේවාවක් රටකට තිබීමේ වැදගත් කම පාඩුලබමින් වුණත් ජාතික ගුවන්සේවය විදිහට ශ්‍රී ලංකන් ගුවන් සමාගම තිබූ නිසයි අපිට මේ මෙහෙයුම කරන්න පුළුවන් වුණේ ඒ වගේම මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ  ස්ථාපනය කර තිබූ නිසයි. එක්සත් ජාතික පක්ෂය උත්සහ කළා මත්තලත් විකුණන්න. වූහාන් මෙහෙයුමෙන් රටට තහවුරු වුණා රටකට දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපලකුත් අවශ්‍යයි කියලා.”

No comments:

Post a Comment

Post Bottom Ad