මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට මම නිල වශයෙන් ආරාධනා කළා - හිටපු අමාත්‍ය ජයරත්න හේරත් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 18, 2020

මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට මම නිල වශයෙන් ආරාධනා කළා - හිටපු අමාත්‍ය ජයරත්න හේරත්

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානය බිහිවුණා. ඒක ඓතිහාසික අවස්ථාවක්. මේ සන්ධාන ගතවීමත් එක්ක බොහොම වාසනාවන්ත දෙයක් කුරුණෑගල දිස්ත්‍රික්කයට සිද්ධ වෙනවා. ඒ තමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති, වත්මන් අගමැතිතුමාට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට මම නිල වශයෙන් ආරාධනා කිරීම  යැයි හිටපු අමාත්‍ය පොදුජන පෙරමුණේ කුරුණෑගල ආසන සංවිධායක ජයරත්න හේරත් මහතා පැවසීය.

හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ  2020-02-17 මාවතගම බෝයගොඩ පැවති දේශපාලන  ක්‍රියාකාරීන්ගේ හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජයරත්න හේරත් හිටපු අමාත්‍යවරයා කියා සිටියේ, අද තමුන්නාන්සේලාගේ විතරක් නෙමෙයි, මේ ප්‍රදේශයට පමණක් නෙමෙයි, කුරුණෑගල දිස්ත්‍රික්කයට පමණක් නෙමෙයි මුළු රටටම සෞභාග්‍ය උදා වෙලා තියෙන්නේ. ඒ තමයි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නව වැඩපිළිවෙල. මම විශ්වාස කරනවා මිත්‍රවරුනි ඔබට ඒ වෙනස දැනෙනවා කියලා. ඒ නිසා තමයි විශේෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය තුළත් වෙනදට වඩා අපේ පාක්ෂිකයෝ මහත් උද්යෝගයකින් වැඩ කටයුතු වල නිරත වෙන්නේ, ඒ වගේම අපිට සහය දෙන්නේ.

අපිට මතකයි මේ වගේ  ගම්බද පළාත් එදාට වඩා අද දියුණු තත්වයකට පත් වෙලා තියනවා. තමුන්නාන්සේලාට විදුලිය තියනවා. ජලය තියෙනවා, දුරකථන පහසුකම් තියෙනවා, ඒ වගේම ප්‍රවාහන පහසුකම් තියෙනවා. මේ සියල්ල එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දක්ෂකම නිසා සිදුවූ දේවල්. ඒ කර්තව්‍යයන් නව ආරකින් ඉදිරියට ගෙනයාම සඳහා අපි ගෝඨාභය ජනාධිපතිතුමාට සහය දිය යුතුයි. අද තමුන්නාසේලා දන්නවා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානය බිහිවුණා. ඒක ඓතිහාසික අවස්ථාවක්. මේ සන්ධාන ගතවීමත් එක්ක බොහොම වාසනාවන්ත දෙයක් කුරුණෑගල දිස්ත්‍රික්කයට සිද්ධ වෙනවා. ඒ තමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති වත්මන් අගමැතිතුමාට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට මම නිල වශයෙන් ආරාධනා කිරීම. මේ මැතිවරණය තමයි හොඳම කාලය. එතුමා අගමැතිවරයා බවට  නැවතත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පත්වීම අපේ වයඹ පළාතටම වාසනාවක් වෙනවා. එතුමාගේ පැමිණීමෙන්  ඔබෙත් අපෙත් සියළු ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වෙයි.

කුරුණෑගල දිස්ත්‍රික්කය අදටත් විශාල වශයෙන් සංවර්ධනය වෙනවා. ඒ සංවර්ධනය අපි වැඩි දියුණු කරගත යුතුයි. ඔබතුමන්ලා අපිට ශක්තිය දෙනවා වගේම අපි හැමෝම එකතුවෙලා අතිගරු ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි ශක්තිය දීමට කටයුතු කරන්න ඕනේ. අපි 2005 අවුරුද්දේ ඉඳන් රාජපක්ෂවරු එක්ක මේ රට සංවර්ධනය කිරීමේ මහා බලවේගයට සම්මාදන් වුනා. ඒ කාලය තුළදීත් තමුන්නාන්සේලා ජයරත්න හේරත් වෙනුවෙන් දුන්නු ශක්තිය මට විශාල වාසනාවක් වුනා. ඒ නිසා මිත්‍රවරුනි නව සන්ධානය සමග මහින්ද රාජපක්ෂ අගමැතිවරයා සමග කුරුණෑගලින් ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත්කර ජනාධිපතිතුමාගේ  රට සංවර්ධනය කිරීමේ නව වැඩපිළිවෙලට අපි සහයෝගය දිය යුතු වෙනවා

මෙම අවස්ථාවට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් , ශාඛා සමිති නිලධාරීන් සහ ගම්වාසීන් විශාල පිරිසක් සහභාගී විය.


No comments:

Post a Comment

Post Bottom Ad