ජිනීවා සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වීම සිදු වන්නේ ඇයි? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 19, 2020

ජිනීවා සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වීම සිදු වන්නේ ඇයි?

ජිනීවා සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වීම සිදු වන්නේ ඇයි?

යුධ සමයේ සිදු වූ යුධ අපරාධ සෙවීමට සම අනුග්‍රහකත්වය ලබා දීමේ යෝජනාවෙන් ශ්‍රී ලංකාව ඉවත් වන බව පසුගියදා විදේශ කටයුතු අමාත්‍යංශය පසුගියදා ප්‍රකාශ කරන ලදී. 

ඒ අනුව අදාළ එකඟතාවයේ 30.1 හා 40.1 යෝජනා දෙකෙන් ශ්‍රී ලංකාව ඉවත් වීමට නියමිතය. 

මෙම යෝජනාව පැවති යහපාලන ආණ්ඩුවේ ජිනීවා මානව හිමිකම් කවුසිලයේදී එකඟ වුවකි. 

ශ්‍රී ලංකා රජයේ මෙම ස්ථාවරයට අනුව ඇමරිකාව හා ශ්‍රී ලංකාව එක්ව ගෙන එන ලද සම අනුග්‍රහකත්ව යෝජනාවෙන් ශ්‍රී ලංකාව ඉවත් වන බව තව නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම විසින් දැනුම් දිය යුතුය. 

ඒ අනුව විදේශ කටයුතු ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා ජිනීවා මානව හිමිකම් සමුළුවට ගොස් රජයේ මෙම ස්ථාවරය නිල වශයෙන් දැනුම් දීමට නියමිතය.

ඊට පෙර එම ස්ථාවරය පාර්ලිමේන්තුවටත් කැබිනට් මණ්ඩලයටත් ඉදිරිපත් කළ යුතුය.

ශ්‍රී ලංකා රජයේ මෙම ස්ථාවරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමෙන් පසු එම යෝජනාව එම කවුන්සිලය තුළ සාකච්ජාවට හා ජන්දයකට ලක් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඒෂියන් මිරර් වෙත ප්‍රකාශ කළේය.

මෙම යෝජනාව පසුගිය රජයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කලේ එම කවුන්සිලය තුල සාකච්ජාවකට හෝ ලක් නොකළ බව වීරසේකර මහතා පෙන්වා දෙයි. 

ඉහත යෝජනාව ක්‍රියාත්මක කිරීම වත්මන් රජයේ දේශපාලන ප්‍රතිපත්තිවලට නොගැලපීම මෙන්ම එය පාර්ලිමේන්තුවට හා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකිරීම වත්මන් රජයේ මෙම ස්ථාවරයට හේතු වූ බව මේ මහතා පෙන්වා දෙයි. 

කරුණු වාර්තා වන අන්දමට ඇමරිකානු රජය එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ෂෙනුකා සෙනවිරත්න මහත්මිය කැඳවා සම අනුග්‍රාහකත්වයේ ප්‍රගතිය සහ ඒ සම්බන්ධයෙන් නව රජයේ ඉදිරි කාල සටහන කුමක් දැයි විමසා ඇති අතර එහිදී ඇය ඊට පිළිතුරු ලෙස ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාව කියන වේගයෙන් ශ්‍රී ලංකා රජයට කටයුතු කළ නොහැකි බවයි. 

යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සම්බන්ධයෙන් ඇමරිකා රජය ගෙන ඇති තීන්දුවට ඉහත සඳහන් කරුණ බලපෑ ඇති බව වාර්තා වේ. 

No comments:

Post a Comment

Post Bottom Ad