ඒ අනුව අදාල වීඩියෝ දර්ශන මකා දැමූ ඩී.වී.ආර්. යන්ත‍්‍රය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර එම දත්ත නැවත ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසයි කුරුණෑගල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මහතා නියෝග කර තිබෙන්නේ.
පෙර නඩු දිනයේදී මහෙස්ත‍්‍රාත්වරයා විසින් කරන ලද නියෝගයක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාර ෂාෆි වෛද්‍යවරයාගේ නිවසේ සවිකර තිබූ සී.සී.ටී.වී යන්ත‍්‍රවල පටිගත කිරීම් ගබඩා වන ඩී.වී.ආර්. යන්ත‍්‍රය අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර එහිදී අදාල ඩී.වී.ආර් යන්ත්‍රයේ දත්ත මකා දමා ඇති බව අනාවරණය වුනා.
No comments:
Post a Comment