ඩී.වී.චානකගෙන් සජිත්ට අභියෝගයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 29, 2020

ඩී.වී.චානකගෙන් සජිත්ට අභියෝගයක්

ඩී.වී.චානකගෙන් සජිත්ට අභියෝගයක්

වසර 25 ක් පුරා සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත්වූ හම්බන්තොට දිස්ත්‍රික්කය පරාජයට පත්වීම හේතුවෙන් මෙවර මහමැතිවරණය සඳහා ඔහු කොළඹ දිස්ත්‍රික්කයෙන් හෝ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වැඳීමට උත්සාහ දරමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී.වි.චානක මහතා පවසයි.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවති  ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේබව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, එක්සත් ජාතික පක්ෂය විසින් සාදා ඇති සමගි සන්ධානය අසමගි සන්ධානයක් ද යන්න පිළිබඳ අද වන විට ගැටළුවක් වී ඇති බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන්නත් සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට අත හැර වෙනත් ප්‍රදේශයකින් මැතිවරණයට ඉදිරිපත් වීමට සිහින දකිනමින් සිටින බවත් ඒ මහතා පැවසීය.

මෙවර මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට පත් වෙන බවත් පැවසු මන්ත්‍රීවරයා, සජිත් ප්‍රේමදාස මහතා සමගි සන්ධානයේ නායකයා ලෙස හැකි නම් හම්බන්තොට දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර පෙන්වන ලෙසත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad