පක්ෂයේ තීන්දුව කුමක් වුවත් රට වෙනුවෙන් ජනපතිට උදව් කරනවා - දයා ගමගේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 9, 2020

පක්ෂයේ තීන්දුව කුමක් වුවත් රට වෙනුවෙන් ජනපතිට උදව් කරනවා - දයා ගමගේ

පක්ෂයේ තීන්දුව කුමක් වුවත් රට වෙනුවෙන් ජනපතිට උදව් කරනවා - දයා ගමගේ

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වූ දයා ගමගේ මන්ත්‍රීවරයා පැවසුවේ, පක්ෂය කුමන තීරණ ගත්තද, අද වන විට රට මුහුණ දී ඇති තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා ආදි ආනන්දීයයෙකු ලෙස තමන් ජනාධිපතිවරයාට සහය දක්වන බවයි.

රට ගොඩනැගීම සඳහා සියළුම ආනන්දීයයන්ට එකතුවන ලෙස ජනපතිවරයා ඇරයුම් කළ බවත් තමන්ද ආනන්දීයයෙකු වශයෙන් ජනාධිපතිවරයා කළ ඇරයුම පිළිගන්නා බවත් මන්ත්‍රීවරයා පැහිදිලි කළේය.

පක්ෂ අතර දේශපාලන තීන්දු තීරණ කුමක් වුවත් රට වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගවලට සහය දක්වන බවද එතුමා පැවසීය.

එහිදි මාධ්‍යවේදියෙකු මන්ත්‍රීවරයාලෙන් ප්‍රශ්නකරමින් අසා සිටියේ  ආනන්දීයයෙක් වශයෙන් ජනාධිපතිවරයාට සහය දෙනවා නම් පාර්ලිමේන්තුවේ 2/3ක බලට ඉල්ලුවිට එයට සහය දක්වනවාද යනුවෙනි.

එම ප්‍රශ්නයට පිලිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ සහය ලබා දීමට කිසිදු ගැටළුවක් නොමැති බවත් ඉදිරි මැතිවරණයෙදි සිය පක්ෂය ජය ගන්නා බවත්ය.

ඒ අනුව රට ඉදිරියට ගෙන යාමට ජනාධිපතිවරයාට සහය දක්වන බවත් කිසිදු අවස්ථාවකදි ජනාධිපතිවරයාට විරුද්ධව කටයුතු කිරීමට අවශ්‍ය නොවන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ කටයුතු කළාට වඩා පහසුවෙන් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ කටයුතු කළ හැකි බවද මන්ත්‍රීවරයා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad