සිංහල බසින් පමණක් ජාතික ගීය ගායනයට NGO විරෝධය! නිදහස් දිනයේ දෙමළින් ජාතික ගීය ගයන සැලසුමක්!! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 22, 2020

සිංහල බසින් පමණක් ජාතික ගීය ගායනයට NGO විරෝධය! නිදහස් දිනයේ දෙමළින් ජාතික ගීය ගයන සැලසුමක්!!

ළඹෙන පෙබරවාරි 04 වැනිදාට යෙදෙන 72 වැනි ‘ජාතික නිදහස් දින උත්සවයේ’දී සිංහල බසින් පමණක් ජාතික ගීය ගැයීමට විරෝධය දක්වා දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීමට රාජ්‍ය නොවන සංවිධාන සහ සමාජ ක්‍රියාකාරින් පිරිසක් එක්ව කටයුතු සංවිධානය කරමින් ඇතැයි වාර්තා වෙයි.
1948 ඩොමීනියන් නිදහස ලැබූ වසරේ මිස ඉන් පසු නිදහස් උළෙලක ජාතික ගීය දෙමළ බසින් ගායනා කළේ නැත. දෙමළ බසින් නැවත ජාතික ගීය ගායනා කිරීම ආරම්භ කළේ 2015 පත් වූ යහපාලන ආණ්ඩුව මගිනි.

කෙසේ වුවද රටකට ඇත්තේ එක ජාතික ගීයක් හෙයින් එය සම්ප්‍රදායානුකූලව සිංහල බසින් පමණක් ගායනා කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

ඊට විරෝධය පළ කිරීමට රාජ්‍ය නොවන සංවිධානවලට සම්බන්ධ පිරිසක් මේ වන විට තැන තැන රැස්වී දෙමළ ජාතික ගීය ගායනය පුහුණු වන බව වාර්තා වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad