"හිරකරන්න ඕනේ හේමසිරි සහ පූජිත් නෙවෙයි - බිලි පූජාව ගත්ත මෛත්‍රීව" - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 24, 2020

"හිරකරන්න ඕනේ හේමසිරි සහ පූජිත් නෙවෙයි - බිලි පූජාව ගත්ත මෛත්‍රීව"

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටිය යුත්තේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හෝ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර නොව ප්‍රධාන වගකිව යුත්තා වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා අවධාරණය කළේය.

ඒ,අද (23) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය. 

පාස්කු ප්‍රහාරයට මූලික වගකිවයුත්තාවන හිටපු ජනාධිපතිවරයා කිසිදු හැලහොල්මනක් නොමැතිව නිදහසේ පැජට් පාරේ කෝටි 08ක නිවසට වී සුවසේ ජීවත්වන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේය. 

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට දැන් මුක්තිය නොමැති හෙයින් අත්අඩංගුවට ගැනීමට හෝ ප්‍රශ්න කිරීමට කිසිදු බාධාවක් නොමැති බව ඔහු කියාසිටියේය. 

එහෙයින් කඩිනමින් මේ පරීක්ෂණය නිමකළ යුතු බවයි රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය. 

ප්‍රහාරයක පූර්ව තොරතුරු වාර්තා වූයේ සේනාධිනායකයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට වන අතර ආරක්ෂක කවුන්සිලය නොකැදවා සිටියේත් එය කැඳවීමට බලය ඇත්තේ සේනාධිනායකා ලෙස ජනාධිපතිවටත්  වන හෙයින්  එම ප්‍රහාරය සම්බන්ධ ප්‍රධානචූදිතයා හිටපු ජනාධිපතිවරයා විය යුතු බව හෙතෙම පැවසුවේය. 

එමෙන්ම ප්‍රහාරයක අවධානම තිබියදීත් රටෙන් පැනගියේ සේනාධිනායක හා ජනාධිපතිවරයා ලෙස සිටි මෛත්‍රීපාල සිරිසේන බව ද මන්ත්‍රීවරයා පැහැදිලි කරන ලදී. 

පාස්කු ප්‍රහාරය  සිදුවීමට ඉඩ හැර යහපාලන ආණ්ඩුව විනාශ කිරීමටද හිටපු ජනාධිපතිවරයා කටයුතු කර ඇති බව හෙතෙම ප්‍රකාශ කළේය. 

ඒ අනුව එම විමර්ශන කඩිනමින් සිදුකළ යුතු අතර ඊට අවශ්‍ය සහය පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය ලබා දෙන බවයි ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad