ත්‍රීවීල් එකක් හයර් කරනවා - බිරිඳත් කිසිම රස්සාවක් කරන්නේ නෑ. - ඒජන්සිය මියගිය දියණියන් තිදෙනාව අසර්බයිජානයට රවටා යැවූ හැටි කියන පියා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 19, 2020

ත්‍රීවීල් එකක් හයර් කරනවා - බිරිඳත් කිසිම රස්සාවක් කරන්නේ නෑ. - ඒජන්සිය මියගිය දියණියන් තිදෙනාව අසර්බයිජානයට රවටා යැවූ හැටි කියන පියා

අසර්බයිජානයේ වැඩිදුර අධ්‍යාපනය සඳහා ගොස් මරණයට පත්වූ සිසුවියන්ට එම සරසවියේ වටිනාකම කියමින් පොළඹවා ඇත්තේ ඒජන්සියකින් බව මියගිය මල්ෂා සන්දීපනී හා තාරුකී අමායාගේ පියා වන නිශාන් සංජීව පවසනවා.

නවාතැන් සොයා දුන්නේ ද ඔවුන් බවයි එම පියාණන් සඳහන් කළේ.

මේ වනවිට ඒජන්සිය කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන බවද ඔහු සඳහන් කළා.

ඔහුගේ ප්‍රකාශය පහතින් දැක්වෙනවා.


“මම ජල නළ කාර්මික ශිල්පියෙක් විදිහට තමයි රස්සාව කරන්නේ. හවසට ත්‍රීවීල් එකක් හයර් කරනවා. ඒ වගේම මගේ බිරිඳත් කිසිම රස්සාවක් කරන්නේ නෑ. මල්ෂා සන්දීපනී කියන්නේ මගේ ලොකු දුව. එයා වැඩ කළේ පෞද්ගලික බැංකුවක. දුවගේ ලොකු ආසාවක් තිබ්බා තොරතුරු තාක්ෂණය පැත්තෙන් ඉස්සරහට යන්න.

මගේ පොඩි දුව තාරුකී අමායා. එයා පෙරපාසල් ගුරුවරියක් විදිහට තමයි සේවය කළේ. එයාටත් අක්කට වගේම අසාවක් තිබ්බා මෝස්තර නිරූපණ ශිල්පිණියක් වෙන්න. ඒ නිසයි අපි කොච්චර වියදම් වුණත් කමක් නෑ කියලා අඳුනන කෙනෙක්ගේ මාර්ගයෙන් මේ ඒජන්සිය හොයා ගත්තේ. පස්සේ එයාලා කිව්වා අපේ දුවලට උපාධිය කරන්න තියෙන හොඳම රට අසර්බයිජානය කියලා.

ඒ වගේම අපි යන හැම දවසකම එයාලා අපිට ඒ රට ගැන විස්තර කිව්වා. අන්තිමේදී එයාලා ළමයින්ගේ ඔළුවට දැම්මා මේ රට හොඳයි කියලා. ඒ විතරක් නෙවෙයි අවුරුදු පහක උපාධියක් නිසා එක් කෙනෙක්ට අවුරුද්දකට ලක්ෂ නවයක් යයි කියලත් කිව්වා. පස්සේ දරුවන්ගේ අනාගතය හොඳ වෙයි කියලා හිතලා අපි එයාලට සල්ලි බැන්දා. ඒ බැනදෙත් රක්ෂණාවරනයටත් එක්කයි.

ඊට පස්සේ ඒජන්සිය මැදිහත් වෙලා අපේ දුවලා දෙන්නට අසර්බයිජාන්වල ඉන්න තැනක් හොයලා දුන්නා. ඒකේ එයාලා හිටියේ මාස දෙකක් විතරයි. මොකද මාසයකට එයාලා හැටදාහක් විතර අපෙන් ගත්තා. කෑමට බීමටවත් නැතුව. ඒවගේ ගාණක් අපිට දරන්න බැරි නිසා තමයි දුවලගේ කැම්පස් එකේ හිටපු අමෝද්‍යා මදුහන්සි දුව ඉන්න බෝඩිමට ගියේ. අපේ දුවලා දෙන්නා අසර්බයිජානයට ගිහිල්ලා හරියටම මාස හයක් වුණා විතරයි. ඒත් අන්තිමට අපිට රක්ෂණාවරණයේ සල්ලිත් නෑ. දුවලා දෙන්නත් නෑ. කෝල් කළාට ඒජන්සියේ අය කතා කරන්නෙත් නෑ”

No comments:

Post a Comment

Post Bottom Ad