ශ්‍රී ලාංකික කාන්තාවක් ගුවන් යානයේදී කෝප්පයකට මුත්‍රා කර මගීන්ට ඉසලා ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 18, 2020

ශ්‍රී ලාංකික කාන්තාවක් ගුවන් යානයේදී කෝප්පයකට මුත්‍රා කර මගීන්ට ඉසලා !

ශ්‍රායලයේ බෙන්ගුරියන් ගුවන්තොටුපළේදී ගුවන් යානාවක අසුන්ගෙන සිටි මගීන්ට පුද්ගලයකු කෝප්පයක තිබූ සිය මුත්‍රා ඉසීමේ සිද්ධියක්‌ සම්බන්ධව ශ්‍රී ලාංකික කාන්තාවක්‌ අත්අඩංගුවට ගෙන ඇත. ව්‍යාජ වීසා බලපත්‍රයක්‌ මත ඊශ්‍රායලයට පැමිණි මෙම කාන්තාව රටින් පිටුවහල් කිරීම සඳහා ගුවන් යානාවට ගෙන ගොස්‌ සිටියදී එම ක්‍රියාව සිදු කර තිබේ.


ඇය තමාට වැසිකිළියට යැමට අවශ්‍ය බව පැවසීම නිසා පොලිස්‌ භටයන් දෙදෙනා ඇගේ මාංචු ගලවා තිබේ.

අනතුරුව වැසිකිළියට ගිය එම කාන්තාව සිය මුත්‍රා කෝප්පයකට ගෙන මගීන්ට ඉස ඇත.

මේ නිසා ඇය අත්අඩංගුවට ගෙන ගුවන් යානාවෙන් බස්‌සා රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.

මෙම ශ්‍රී ලාංකික කාන්තාවගේ අනන්‍යතාව හෙළි වී නැත. ඊශ්‍රායලයේ රැඳී සිටීමේ අරමුණින් ඇය මෙම අශෝභන ක්‍රියාව සිදු කර ඇතැයි ඊශ්‍රායල් පොලිසිය කියයි.

– divaina


No comments:

Post a Comment

Post Bottom Ad