හපුතලේ ගුවන් අනතුර ගැන තවත් පරීක්ෂණයක් – කෝටි හතරහමාරක වන්දියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 24, 2020

හපුතලේ ගුවන් අනතුර ගැන තවත් පරීක්ෂණයක් – කෝටි හතරහමාරක වන්දියක්

හපුතලේ, අයිස්පීල්ල ප්‍රදේශයේ ගුවන්යානා අනතුරින් මියගිය නියමුවන් දෙදෙනා හා සැරයන්වරුන් දෙදෙනාගේ පවුල්වල සාමාජිකයන් හට රුපියල් කෝටි හතරහමාරක පමණ වන්දි මුදලක් ගෙවා තිබෙනවා.

ගුවන් නියමුවන් රක්ෂණය කළ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයෙන් ලැබෙන වන්දි හා වැන්දඹු අනත්දරු ඇතුළු රජයේ සේවකයන් හට ලැබෙන වරප්‍රසාද සියල්ල මේ සඳහා අයත් වී ඇති බව වාර්තා වනවා.

මෙම නිලධාරීන් හට රජයේ සේවකයන් ලෙස ලැබිය යුතු සියලු වරප්‍රසාද නොපමාව ලබාදීමට කටයුතු කර ඇති බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා සඳහන් කළා.

ගුවන් හමුදාවට අයත් වයි 12 යානය අනතුරට ලක්වීම සම්බන්ධව ගුවන් හමුදාපති නියමයෙන් වෙනමම විමර්ශනයක් දැනට සිදු වනවා.

No comments:

Post a Comment

Post Bottom Ad