රන්ජන්ට පිනක් පල දෙයි.. හඬපටවල කටහඬ සසදන්න බැරි බව රස පරීක්‍ෂක කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 25, 2020

රන්ජන්ට පිනක් පල දෙයි.. හඬපටවල කටහඬ සසදන්න බැරි බව රස පරීක්‍ෂක කියයි

ක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ කටහඬ පරීක්ෂා කිරීම සඳහා ලබා දුන් හඬ පට අපැහැදිලි බව රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දී ඇත. ඒ නිසා ලබාදුන් හඬපට වලින් කටහඬ සංසන්දනය කළ නොහැකි බවද ඒවායේ මුල් පිටපත ලබා දෙන ලෙසද එම දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.
දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පෙරේදා දිනයේ එහි කැඳවා කටහඬ සංසන්දනය කිරීමට නියමිතව තිබුණ ද ලබාදුන් හඬ පට වඩා පැහැදිලි තත්ත්වය නිසා එය පසුවට කල් දමන ලද බවයි.

කෙසේ නමුත් චෝදනා එල්ල වන විනිසුරුවන් විසින් මේ වන විටත් තමන් සහ රාමනායක මන්ත‍්‍රිවරයා අතර සිදුවූ දුරකතන සංවාද හඬපට සත්‍ය බව පිලිගෙන ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad