මූලධර්මවාදී දේශපාලන පක්ෂවලට දැන් රජුන් තැනිමේ බලයක් නෑ - ජයන්ත සමරවීර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 10, 2020

මූලධර්මවාදී දේශපාලන පක්ෂවලට දැන් රජුන් තැනිමේ බලයක් නෑ - ජයන්ත සමරවීර

මූලධර්මවාදී දේශපාලන පක්ෂවලට දැන් රජුන් තැනිමේ බලයක් නෑ - ජයන්ත සමරවීර

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත්කළ ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන්  ඉදිරියේදී පුළුල්ව සලකා බලන බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක රාජ්‍ය අමත්‍ය ජයන්ත සමරවීර මහතා පවසයි.

මහනුවර පැවති උත්සවයකින් අනතුරුව දි මාධ්‍යවෙත අදහස් දක්වමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ,  පසුගිය කාලයේ සුළු ජාතිවාදී දේශපාලන පක්ෂවලින් රජුන් තැනූ බවයි.

නොවැම්බර් 16 වන දින පැවති මැතිවරණයෙන් පසුව සුළු ජාතිවාදී දේශපාලන පක්ෂ, බෙදුම්වාදී දේශපාලන පක්ෂ හා මූලධර්මවාදී දේශපාලන පක්ෂ මේ රටේ ආණ්ඩු නැටවීමේ තත්ත්වය වෙනස් වු බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඔවුන්ට අද වන විට ඒ සඳහා බලයක් නොමැති බවත් පැවසු ඒ මහතා, ඔවුන්ට “රජුන් තැනීමේ බලයක් නෑ “ යනුවෙන් ද කියා සිටියේය.

විජේදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙක පිළිබඳව ජාතික නිදහස් පෙරමුණ ලෙස අධ්‍යයනය කරමින් සිටින බවත් පැවසු අමාත්‍යවරයා, ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් වු ස්ථාවරය රටට ප්‍රකාශ කරන බවත් පැවසීය.

සෑම විටම තම පක්ෂය වඩාත් දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් රටේ සමඟිය අත්‍යාවශ්‍යයි යන පදනම මත කටයුතු කරන බවත් සියලු ජාතීන්ගෙන් යුතු පාර්ලිමේන්තුවක් බිහි විය යුතුයි යන අරමුණ මත කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad