ද්‍රවිඩ ප්‍රගතිශීලී ‌පෙරමුණ එජාපයෙන් ඉවත්ව තනිව තරඟ කිරීමේ සූදානමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 25, 2020

ද්‍රවිඩ ප්‍රගතිශීලී ‌පෙරමුණ එජාපයෙන් ඉවත්ව තනිව තරඟ කිරීමේ සූදානමක්

ද්‍රවිඩ ප්‍රගතිශීලී ‌පෙරමුණ එජාපයෙන් ඉවත්ව තනිව තරඟ කිරීමේ සූදානමක්

එක්සත් ජාතික පක්ෂයේ දැනට මතුව ඇති අර්බුද හේතුවෙන් ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව උතුරු - නැගෙනහිර හැර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට  වෙනම  තරඟ කිරීමේ පිළිබඳව  ද්‍රවිඩ ප්‍රගතිශීලී  පෙරමුණේ පක්ෂ අතර අදහසක් මතුව ඇතයි කඳුරට ජනතා පෙරමුණ පක්ෂයේ නායක, හිටපු  අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් මහතා කීය.

තලවකැලේ නගරයේදි මාධ්‍යවේදීන් නගන ලද ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් ඊයේ (24) මේ බව ඒ මහතා කීය.

එහිදි තවදුරටත් අදහස් දක්වමින් රාධාක්‍රිෂ්නන් මහතා මෙසේද පැවැසීය.

"එක්සත් ජාතික පක්ෂය තුළ දැනට අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. එහි නායකයකා පිළිබඳවත් ගැටළු මතුව තිබෙනවා. ඒ නිසා ඉදිරි මැතිවරණයට එක්ව තරඟ කිරීම පිළිබඳව දැනට අපිට පැහැදිලි අදහසක් නැහැ. එම තත්ත්වය මත ඉදිරි මහ මැතිවරණයේදි ද්‍රවිඩ  ප්‍රගතිශීලී පෙරමුණ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව තනිව මැතිවරණයට තරග කිරීමේ අදහසක්  මතුව තිබෙනවා. අපේ පක්ෂ අතර අදහසක් මතුව තිබෙනවා ඉදිරි මැතිවරණය තිනිව තරග කලහොත් හොදයි කියලා.  ඒ සම්බන්ධයෙන් තීරණයක් ඉදිරි දින කීපය තුල අර ගැනීමට ද්‍රවිඩ ප්‍රගතිශීලී පෙරමුණේ පක්ෂ නායකයන් රැසවීමට නියමිත තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය දැනට මතුව ඇති ගැටළු නිරාකරණය කරගෙන එකට එක්ව එකමතුව තරග කළහොත් අපිට මැතිවරණය ජයග්‍රහණය කල හැකියි. එහි කිසිම ගැටළුවක් නැහැ. එක්සත් ජාතික පක්ෂය අතර එකමුතු තාවය එන්න ඔීනෑ කියලයි අපි කියන්නේ.  ඉදිරි මැතිවරණයෙන් මේ ආණ්ඩුවම බලයට පත් වුවහොත් ඒ් සම්බන්ධයෙන් මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව අපි තීරණයක් ගන්නවා අපි සහයෝගය දෙන පැත්ත කුමක්ද යන්න පිළිබදව. ඒ නිසා ඒක දැන්ම කියන්න බැහැ. ජනතාව ලබා දෙන තීරණය මත අපිත් ඒ සම්බන්ධයෙන් මැතිවරණයෙන් පසුව තීරණයක් අර ගන්නවා. ආණ්ඩුව සමග අපි කවදාවත්ම මේ වනතුරු කිසිම රහස් සාකච්ඡාවක් පවත්වා නැහැ. ඒක අමුලික බොරුවක්. නමුත් ආණ්ඩුව හොද වැඩ කරනවානම් ඒකට අපි සහයෝගය දෙනවා. කවදාවත්ම අපි එවැනි හොද තීරණවලට විරුද්ධව වැඩ කරන්නේ නැහැ."

No comments:

Post a Comment

Post Bottom Ad