අපි පොරොන්දු පරිදි වැඩ කරනවා, එජාපය සුපුරුදු පරිදි දෙන්නා බැනගන්නවා - නාමල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 22, 2020

අපි පොරොන්දු පරිදි වැඩ කරනවා, එජාපය සුපුරුදු පරිදි දෙන්නා බැනගන්නවා - නාමල්

අපි පොරොන්දු පරිදි වැඩ කරනවා, එජාපය සුපුරුදු පරිදි දෙන්නා බැනගන්නවා - නාමල්

එක්සත් ජාතික පක්ෂය සජිත් ප්‍රේමදාස පාර්ශ්වය සහ රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය යනුවෙන් දෙකට බෙදී ගැටුම් ඇතිකරගන්නා අතරේ දෙපිළම හිත හදාගන්නේ ආණ්ඩුවට බැනවැදීමෙන් බවත් ඔවුන්ගේ ප්‍රශ්න ඔවුන් විසඳාගන්නවා විනා ආණ්ඩුව ඊට පළි නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. 

"සජිත් ප්‍රේමදාස මහත්තයාගෙ පිලයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙ පිලයි කියලා දෙකට බෙදිලා දෙන්නා ගහගන්නකොට දෙන්නම හිත හදාගන්නෙ අපට බැණලා. ඉතිං අපි මොනවා කරන්නද ? තමන්ගෙ පක්ෂෙ ප්‍රශ්නෙ තමන් බේරගන්න. මේ අපිව ගාවගන්න එපා ඒකට. අපි ඒකට සම්බන්ධත් නෑ, අපට අදාළත් නෑ. අපි අපේ වැඩටික කරගෙන යනවා ජනතාවට පොරොන්දු වෙච්ච පරිදි. එක්සත් ජාතික පක්ෂය සුපුරුදු පරිදි දෙන්නා බැනගන්නවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේය. 

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. 

No comments:

Post a Comment

Post Bottom Ad