"මම නායකයා හැටියට නිකන් බලාගෙන ඉන්නම්" - රනිල් : "නිකන් බලන් ඉන්න නායකයෙක් පක්ෂයකට මොකටද? " - හර්ෂණ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 21, 2020

"මම නායකයා හැටියට නිකන් බලාගෙන ඉන්නම්" - රනිල් : "නිකන් බලන් ඉන්න නායකයෙක් පක්ෂයකට මොකටද? " - හර්ෂණ

"මම නායකයා හැටියට පුටුවේ වාඩි වෙලා බලාගෙන ඉන්නම් , ඕගොල්ලෝ වැඩ ටික කරගෙන යන්න" යැයි එක්සත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස කර ඇති ප්‍රකාශය එජාප මන්ත්‍රීවරුන් තුළ ප්‍රශ්නකාරී වාතාවරණයක් ඇති කිරීමට තුඩු දී තිබේ.

"නිකන් බලාගෙන ඉන්න නායකයෙක් පක්ෂයකට මොනවටද?" යැයි එහිදී රාජකරුණා මහතා පෙරලා වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න කර තිබේ. 

"පක්ෂ නායකයා නිකන් බලන් හිටියත් ඇති. එය පක්ෂයට හයියක්." යැයි එහිදී එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කොට ඇත. 

මෙම අදහස් හුවමාරු වී තිබෙන්නේ මිට ටික දිනකට පෙර සිරිකොතේ පැවති එජාප නායකත්වය සම්බන්ධයෙන් වූ රැස්වීමකදීය. 

ඉදිරි මැතිවරණයේදී පක්ෂය ප්‍රමුඛ සන්ධානය මෙහෙයවීමේ වගකීම ඇතුළු සියලු බලතල සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට වික්‍රමසිංහ මහතාගේ කැමැත්ත ඇති මුත් පක්ෂ නායකයා තමන් විය යුතු යැයි යන දැඩි මතයේ වික්‍රමසිංහ මහතා තවමත් සිටියි. 

No comments:

Post a Comment

Post Bottom Ad