ගුවන්තොටුපල ආශ්‍රිතව සිදු කෙරෙන ආරක්ෂක තත්ත්වය ප්‍රමාණවත් නෑ - හේෂා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 29, 2020

ගුවන්තොටුපල ආශ්‍රිතව සිදු කෙරෙන ආරක්ෂක තත්ත්වය ප්‍රමාණවත් නෑ - හේෂා

ගුවන්තොටුපල ආශ්‍රිතව සිදු කෙරෙන ආරක්ෂක තත්ත්වය ප්‍රමාණවත් නෑ - හේෂා

නව කොරෝනා වෛරසය රට තුළට ඇතුලු වීම වැළැක්වීම සඳහා ගුවන්තොටුපල ආශ්‍රිතව සිදු කෙරෙන ආරක්ෂක තත්ත්වය ප්‍රමාණවත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

රත්නපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මෙරට සෞඛ්‍ය වෙනුවෙන් විශාල වැඩ කොටසක් යහපාලන ආණ්ඩුව විසින් සිදු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

මේ අතර අධික මිලකට තිබූ ඹෟෂධ මිල පාලනය කිරීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහපාලන ආණ්ඩුවට හැකි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad