සජිත් අගමැති කරන්න ජනතාව පෙරුම්පුරාගෙන ඉන්නේ - විජේපාල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 7, 2020

සජිත් අගමැති කරන්න ජනතාව පෙරුම්පුරාගෙන ඉන්නේ - විජේපාල

සජිත් අගමැති කරන්න ජනතාව පෙරුම්පුරාගෙන ඉන්නේ - විජේපාල

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අගමැති කිරීම සඳහා ජනතාව පෙරුම්පුරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඊයේ (06) මාතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා මෙසේ පැවසීය.

“විපක්ෂය හැටියට අපි, ආණ්ඩුවේ හිටපු අපි, වැඩක් කරපු අපි, ඒ අය ලෑස්ති වෙනවා අපේ පිට දාලා තමන්ගේ ජාමේ බේරගන්න. හැබැයි ඒකට මේ රටේ ජනතාව ලෑස්ති නෑ. ඒ අය හිතනවා ජනතාව පුනක්කු කන ගොන්නු ජාතියක් කියලා. මේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ආණ්ඩුවට හොඳම කනේ පහරක් අපි ගහලා. 113කට වැඩි සංඛ්‍යාවක් එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ කණ්ඩායමට ලබා දෙනවා.  සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන්. එතුමා අගමැති කරන්න ජනතාව අද පෙරුම්පුරාගෙන ඉන්නවා.“

No comments:

Post a Comment

Post Bottom Ad