පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු 7 ක පරාජයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 8, 2020

පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු 7 ක පරාජයක්

සංචාරක ශ්‍රී ලංකාව සමගින් පැවති දෙවැනි පන්දුවාර 20 තරගයෙන් කඩුළු 7 ක පහසු ජයක් වාර්තා කිරිමට ඉන්දියාව සමත්විය. මෙම තරගය ඉන්දියාවේ ඉන්දෝ හිදී පැවැත්විණි.

තරගයේ ශ්‍රී ලංකාවෙන් එල්ල වූ ලකුණු 143 ක ඉලක්කය පන්දුවාර 17.3 කදී කඩුළු 3 ක් පමණක් දැවී පසුකර යාමට ඉන්දියාව සමත්විය.

ලෝකේෂ් රාහුල් හා ෂිකර් ධවාන් පළසු කඩුල්ලට පන්දුවාර 9.1 කදී ලකුනු 73 ක සබඳතාවක් පැවැත්වීය. එහිදී ලෝකේෂ් රාහුල් ලකුණු 45 ක් රැස් කලේය. 

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සිය පන්දුවාර 20 අවසනදී කඩුළු 9 ක් දැවී ලකුනු 142 ක් රැස් කළහ.

 කුසල් ජනිත් පෙරේරා හයේ පහර 3 ක් සහිතව ලකුනු 34 ක් රැස් කළද සෙසු ක්‍රීඩකයින්ගේ දුර්වල පිතිහරඹය ශ්‍රී ලංකා ඉනිම කඩා වැටීමට හේතුවිය. 

පන්දුයැවීමේදී ෂර්දුල් ඨාකූර් කඩුළු 3 ක් දවාලීය. තරගයේ වීරයා සම්මානය හිමිවූයේ පන්දුවෙන් දස්කම් දැක්වූ නව්දීප් සයිනිට යි. 

මේ අනුව තරග 3 කින් යුත් පන්දුවාර 20 තරගාවලිය තරග 1-0 ක් ලෙසින් ජයගෙන ඉන්දියාව ඉදිරියෙන් රැදී සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad