බලතල අඩු නොකලා නම් අදටත් මට ජනාධිපති ධුරයේ ඉන්න තිබුණා.. 19 සංශෝධනයට මං විරුද්දයි - හිටපු ජනපති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 25, 2020

බලතල අඩු නොකලා නම් අදටත් මට ජනාධිපති ධුරයේ ඉන්න තිබුණා.. 19 සංශෝධනයට මං විරුද්දයි - හිටපු ජනපති

නාධිපතිවරයාගේ ධුර කාලය වසරක් අඩුකලේ නම් අදටද ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා තමන් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා සතු අසීමිත බලතල තමන් විසින් පාර්ලිමේන්තුවට, අගමැතිවරයාට හා ස්වාධීන කොමිසන් සභාවට ලබා දුන් බවද ඔහු කියා සිටියි.

කෙසේ නමුත් එම සංශෝධන සිදු කල 19 වන සංශෝධනය නිසා ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව බරපතල ලෙස අවුල් වී ඇති බවද ඔහු පැවසීය.

ඒ නිසා එම සංශෝධනය ඇතුළු ව්‍යවස්ථාව වහා වෙනස් කළ යුතු බවත් කී සිරිසේන මහතා ඒ සඳහා පාර්ලිමේන්තුවේ බහුතර බලයක් අවශ්‍ය බවද කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීම මත මීළඟ මැතිවරණය තමන් තරග වදින බවත් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ පොළොන්නරුවේ දී පැවති උත්සවයක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad