පොහොට්ටු - ශ්‍රී ලංකා මනාප පොරය කළුතරින් ඇරඹෙයි : ගුටිබැට හුවමාරුවකින් අවසන් වෙයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 12, 2019

පොහොට්ටු - ශ්‍රී ලංකා මනාප පොරය කළුතරින් ඇරඹෙයි : ගුටිබැට හුවමාරුවකින් අවසන් වෙයි (VIDEO)

පොහොට්ටු - ශ්‍රී ලංකා මනාප පොරය කළුතරින් ඇරඹෙයි : ගුටිබැට හුවමාරුවකින් අවසන් වෙයි (VIDEO)

එළඹෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් වූ කළුතර දිස්ත්‍රික් මනාප ක්‍රමය හිටපු උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සහ හිටපු බස්නාහිර පළාත් සභා අමාත්‍යවරයෙකු වන ජගත් අංගගේ මහතාගේ අධාරකරුවන් අතර ගුටිබැට හුවමාරුවකින් හමාර වී තිබේ.

ඊයේ (11) පානදුර තල්පිටිය ප්‍රදේශයේදී රෙජිනෝල්ඩ් කුරේ මහතා වෙනුවෙන් සංවිධානය කළ හමුවකට ඔහු පැමිණි අවස්ථාවේදී ඊට බාධා කරමින් අංගගේ මහතාගේ අධාරකරුවන් විරෝධතාවයක් දැක්වූ අතර එහිදී සිය රථයෙන් බිමට බැසගත් කුරේ මහතා සහ අංගගේ මහතාගේ අධාරකරුවන් අතර ගුටිබැට හුවමාරුවක් සිදුව තිබේ. 

කුරේ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අතර අංගගේ මහතා පොදුජන පෙරමුණ නියෝජනය කරයි. මේ දෙදෙනාම එළඹෙන මහා මැතිවරණයේදී එකම කණ්ඩායමකින් කළුතර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටියි. 

No comments:

Post a Comment

Post Bottom Ad