"MCC ගිවිසුම අත්සන් කිරීමට රජය තීරණයක් ගෙන නැහැ" - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 13, 2019

"MCC ගිවිසුම අත්සන් කිරීමට රජය තීරණයක් ගෙන නැහැ"

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්.සී.සී) ගිවිසුම අත්සන් කිරීමට රජය තීරණයක් ගෙන නැතැයි අධ්‍යාපන, ක‍්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

රජය ඉදිරි සති කිහිපයක් තුළ මෙම ගිවිසුම අත්සන් කරන බවට පැතිර යන ප‍්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නැතැයි ද ඇමතිවරයා කීවේය.

ඇමති ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (12)පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad