රාජිත මෙතෙක් අත්අඩංගුවට ගෙන නෑ - නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 27, 2019

රාජිත මෙතෙක් අත්අඩංගුවට ගෙන නෑ - නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වයි

රාජිත මෙතෙක් අත්අඩංගුවට ගෙන නෑ - නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වයි

හිටපු  ඇමැති රාජිත සේනාරත්න මහතා මෙතක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් පොලිස්  ආරක්ෂාව යටතේ ලංකා පෞද්ගලික රෝහලේ හෘද ඒකකයේ ප්‍රතිකාර  ලබන බවත්  නීතිපති නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පීරීස් මහතා අද (27) අධිකරණයට කරුණු වාර්තා කළේය.
 
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධ  නඩුව අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේදී විභාගයට ගත් අවස්ථාවේදී මෙලෙස කරුණු දැක්වීය.
 
ලංකා පෞද්ගලික රෝහලේ වෛද්‍ය උමා ශංකර්  මහතා විසින් අමාත්‍යවරයා සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත්  එහි සඳහන් පරිදි  අධික රුධිර පීඩන, ආතතී යන රෝගී තත්ත්වයන්ට රාජිත සේනාරත්න මහතා භාජනය වී ඇති බැවින්  ඔහුගේ සමීපයට යා නොහැකි බවත්  සොලිස්ටර් ජනරාල්වරයා කරුණු දක්වමින් සඳහන් කළේය.
 
රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ නවරත්න බණ්ඩාර මහතා කීවේ  සිය සේවාදායකයා අත්අඩංගුවට ගෙන ඇති බවට ප්‍රචාරයක්  පවතින බවයි.

කරුණු සලකා බලමින් එහිදී මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ පොලීසිය අධිකරණයට කරුණු දක්වනවාම් අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන නැති බව එය එසේ සිදුවී ඇති බවයි.

එහිදී  අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ  බී වාර්තාව වැඩි දුර අධ්‍යනයක් අවශ්‍ය බව පැවසූ මහෙස්ත්‍රාත්වරිය නඩුව විනාඩි 25 කට කල් තැබුවාය.

No comments:

Post a Comment

Post Bottom Ad