අලුත් ආණ්ඩුවෙන් මෛත්‍රී බලාපොරොත්තු වන දේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 12, 2019

අලුත් ආණ්ඩුවෙන් මෛත්‍රී බලාපොරොත්තු වන දේ

අලුත් ආණ්ඩුවෙන් මෛත්‍රී බලාපොරොත්තු වන දේ

ශ්‍රී ලංකාවේ විෂ මත්ද්‍රව්‍ය පාලනය කිරීම වෙනුවෙන් තම ආණ්ඩුව ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ නව ආණ්ඩුව විසින්ද ඉදිරියට ගෙනි යනු ඇතැයි තමන් විශ්වාස කරන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

ඛෙත්තාරම ප්‍රදේශයේ පැවැති වැඩසටහනක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

“රටට නව නායකයෙක් අලුත් කෙනෙක්  ලැබුණාම ඒ අලුත් ආණ්ඩුවට හා නායකයාට සියලු දෙනාම සහාය දෙන්න ඕන. මේ රටේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නය දුප්පත්කම, දුගී භාවය. රටේ දුප්පත්කම නැති කරන්න අලුත් ජනපතිතුමාට අපි සෑම දෙනාම සහාය දෙන්න ඕන. ඒක ජනාධිපතිතුමාට විතරක් තනියෙන්න කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අගමැතිතුමාට හා ඇමති මණ්ඩලයට තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. රටේ සෑම කෙනෙක්ම සහාය දෙන්න ඕන. විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන්. මේ රටේ ලක්ෂ 12කට වැඩිය ඉන්නවා. අලුත් ආණ්ඩුවක අලුත් වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියන්න. ප්‍රධාන වශයෙන්ම කොළඹ නගරය ගත්තත් අපිට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි විෂ මත්ද්‍රව්‍ය. අලුත් ආණ්ඩුව මත්ද්‍රව්‍ය මර්දනය සඳහා මම ගෙන ගිය වැඩපිළිවෙළ ශක්තිමත් කරයි කියලා මම විශ්වාසකරනවා”

No comments:

Post a Comment

Post Bottom Ad