ඒ පුටුව ලකුණ අයත් පොදුජන එක්සත් පෙරමුණ පක්ෂයේ මහා ලේකම් ලෙස තවමත් දේශපාල පක්ෂ ලියාපදිංචි ලැයිස්තුවේ නම ඇතුළත්ව ඇත්තේ දිවංගත හිටපු අග්‍රාමාත්‍ය දී.මු.ජයරත්න මහතාගේ නමවීමය.
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු අදාළ කාරණාව තහවුරු කළේය.
පොදුජන එක්සත් පෙරමුණේ නායිකාව ලෙස කටයුතු කර ඇත්තේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි.
එම පක්ෂයේ මහ ලේකම්ගේ අවසරයකින් තොරව එලෙස වෙනත් පාර්ශවයකට එය ලබාගත නොහැකි වන අතර ඒ සඳහා එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී ඒ සඳහා අනුමැතිය ලබාගත යුතුව ඇත.
මෙම තත්ත්වය පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහා ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් කල විමසීමකදී ඒ මහතා කියාසිටියේ ජනාධිපතිවරණයට පෙරදී එලෙස පුටුව ලකුණින් තරඟ කිරීමට එකඟතාවයකට පැමිණ සිටියද මෑතකදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර නොමැති බවයි.
ඒ අනුව ඉදිරි මහා මැතිවරණයේදී ශ්‍රීලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් නව සන්ධානයක් යටතේ තරඟ කිරීමට බලාපොරොත්තුවන වන බවද ඔහු කීය.
පොදුජන එක්සත් පෙරමුණ පක්ෂයේ නිලධාරී මණ්ඩලය වෙනස් කිරීම සඳහා ලගදීම අවශ්‍ය සංශෝධන මැතිවරණ කොමිසමට ඉදිරිපත් කරන බවත් ඔහු සඳහන් කළේය.
පොදුජන එක්සත් පෙරමුණ අවසාන වතාවට මැතිවරණයකට ඉදිරිපත්ව ඇත්තේ 1994 දීය.
ශ්‍රී.ල.නි.ප. ප්‍රමුඛ පක්ෂ කිහිපයක් විසින් පොදුජන එක්සත් පෙරමුණ (පො. එ. පෙ.) නම් සන්ධානයක් පිහිටුවා ගනු ලැබුනේ එ. ජා. ප. රජය පරාජය කිරීම මූලික අරමුණ කරගෙනය.
ඉන්දික ශ්‍රී අරවින්ද
No comments:
Post a Comment