ස්විස් නිලධාරිනියගේ සිද්ධිය ගැන රාජිතගෙන් ප‍්‍රකාශයක් ගත යුතුයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 5, 2019

ස්විස් නිලධාරිනියගේ සිද්ධිය ගැන රාජිතගෙන් ප‍්‍රකාශයක් ගත යුතුයි

ස්විස් නිලධාරිනියගේ සිද්ධිය ගැන රාජිතගෙන් ප‍්‍රකාශයක් ගත යුතුයි

ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියකගේ කටට පිස්තෝලයක් තබා ප‍්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවට මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කළ හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලිසිය කටයුතු කළ යුතුව ඇතැයි ආයෝජන ප‍්‍රවර්ධන රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
 
රාජිත සේනාරත්න මහතා එම නිලධාරිනිය හමු වී ඇයගේ තත්ත්වය හඳුනාගෙන ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වන බවට පෙනී ගිය නිසා ඔහුගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම පරීක්‍ෂණවලට වැදගත් බැවින් මෙම ඉල්ලීම කරන බවද ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍යාංශයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා පැවසීය.
 
 එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙසේද කීය.

"රාජිත සේනාරත්න හිටපු ඇමැතිවරයා එම මාධ්‍ය හමුවේදී ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය පැහැරගෙන ඇයගේ කටට පිස්තෝලය තබා සිදු කළ ප‍්‍රශ්න කිරීම්වලින් පසු ඇය දැඩි පීඩනයට. ආතතියට පත්වෙලා. උඩබලාගෙන ඉන්නවා කිව්වා. එහෙම කියන්න නම් රාජිත සේනාරත්න මහතා ඇය දැක බලාගැනීමට ගොස් ඇය සිටින තත්ත්වය දැක ගන්න ඇති. ඒ නිසා ඇය ඉන්න තැනක් රාජිත සේනාරත්න මහතාගෙන් ප‍්‍රශ්න කිරීමකදී දැනගන්න පුළුවන්. ඒ වගේම රාජිත සේනාරත්න මහතා වෛiවරයෙක් නිසා ඇය එවැනි තත්ත්වයක ඉන්නවා නම් වහාම රෝහල් ගතකර ප‍්‍රතිකාර ලබාදීමට කටයුතු කළ යුතුයි. එසේ නොකරන්නේ සුදු වෑන් රථයකින් පුද්ගලයන් පැහැර ගෙන ගිය බවට මාධ්‍ය හමුවේ රියදුරන් ඉදිරිපත් කර කළ ප‍්‍රකාශවලින් පසුවත් ඡුන්දය නොලැබීමේ පීඩාව මගහරවා ගැනීමටයි."

No comments:

Post a Comment

Post Bottom Ad