ස්විස් තානාපති සිද්ධිය ගොතන ලද කතාවක් බව තහවුරු වී අවසන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 12, 2019

ස්විස් තානාපති සිද්ධිය ගොතන ලද කතාවක් බව තහවුරු වී අවසන්

ස්විස් තානාපති සිද්ධිය ගොතන ලද කතාවක් බව තහවුරු වී අවසන්

ස්විස් තානාපති නිලධාරිනිය සම්බන්ධ සිද්ධිය සම්පූර්ණයෙන්ම ගොතන ලද කතාවක් බව මේ වන විටත් තහවුරු වී ඇතැයි මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.

එය පිටුපස රජය අපහසුතාවට පත් කිරීමේ කුමන්ත්‍රණයක් පැවතියේද යන්න පිළිබඳවත් විමර්ශන සිදු කෙරන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

තමන් පැහැරගැනීමකට ලක්වූ බවට චෝදනා කළ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ග්‍රානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැති නිලධාරිනියගෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දින තුනක් ප්‍රකාශ සටහන් කරගත් අතර ඇයව දෙවරක්ම කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කෙරුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අදාළ කාන්තාවගෙන් මෙතෙක් කරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලදී, ඇය සහ ස්විස් තානාපති කාර්යාලය ලබාදුන් සිද්ධිය සිදුවූ ස්ථානය පිළිබඳ පරස්පරතාවක් පවතින බව අනාවරණ වී තිබේ.

ස්විස් තානාපති කාර්යාලයේ මුල් පැමිණිල්ලට අනුව කොළඹ 07 පිහිටි පාසලක් අසලදී මෙම පැහැරගැනීම සිදුව ඇතැයි සඳහන් වුවද අදාළ කාන්තාව මේ වනවිට හෙළිකර තිබෙන්නේ බම්බලපිටියේ ගුරුවරියකගේ නිවසකට ගිය අවස්ථාවේ තමන් මෙම සිද්ධියට මුහුණ පෑ බවයි.

එමෙන්ම පැහැරගැනීම සුදු පැහැති වාහනයකින් සිදුවූ බවට හඟවා තිබුණද ඇය එදින ගමන් ගනිමින් සිටි රතු පැහැති වාහනයෙන්ම නිරුපද්‍රිතව මාළිගාකන්දේ පිහිටි නිවසට ගිය බව සාක්ෂි මගින් හෙළිවී ඇතැයි ආරංචි මාර්ග පවසයි.

මේ අතර ස්විස් තානාපතිවරයා වියානා සම්මුතිය උල්ලංඝනය කර ඇති බැවින් ඒ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කිරීමට පියවර ගන්නැයි නීතීඥ සංවිධාන ජාතික එකමුතුව රජයෙන් ඉල්ලීමක් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad