sajith premadasa - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 17, 2019

sajith premadasa

නාධිපතිවරණයෙන් ලද පරාජය තමන් පිළිගන්නා බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස්වන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර සිටිනවා. එමෙන්ම 7 වන ජනාධිපතිවරයා වශයෙන් ජනාධිපතිවරණයෙන් තේරීපත්වන ගෝඨාභය රාජපක්ෂ මහතාට තමාගේ සුභාෂිංශන පිරිනමන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටින්නේ.

ඉදිරියේදී තමන්ගේ දේශපාලන කටයුතු සිදුකරනු ලබන ආකාරය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරනා බවයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටින්නේ.

නිදහස් හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා කැපවූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු නිලධාරීන්ට සහ රටවැසියන්ට සිය ස්තුතිය පුදකරන බවයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස කියා සිටියේ.

තමන් සමග පුරා වසර 26ක් දේශපාලනය කිරීමේදී එකට සිටි සියළුම ජනතාවට සිය ස්තුතිය පුද කරන බවයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස සිය නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටියේ.


No comments:

Post a Comment

Post Bottom Ad