rupawahini - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 15, 2019

rupawahini

ද දහවල් 12 පමණ වන තුරු  ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති අංශයේ කිසිදු විධායක නිලධාරියෙකු සේවයට වාර්තා කර නැත.

මේ පිළිබඳව සභාපතිනී ඉනෝකා සත්‍යංගනී කීර්තිරත්න මහත්මිය දැඩි කෝපයට පත්වී දුරකථනයෙන් එක් එක් නිලධාරීන්ට බැනවදිමින් සිටින බව වාර්තා වේ.

මැතිවරණ නීති උල්ලංඝනය වන ආකාරයේ පුවතක් විකාශය කළ හොත් එහි වගකීම ප්‍රවෘත්ති අංශයේ විධායක නිලධාරීන් වෙත පැවරේ.

සේවයට නොපැමිණීමට හේතු ලෙස විධායක නිලධාරීන් පවසන්නේ තමන් අසනීප වී සිටින බවයි.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම ආරම්භ වීමට ඉතා ආසන්නව ඇති මොහොතක විධායක නිලධාරීන් සේවයට වාර්තා නොකරන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බව ප්‍රවෘත්ති අංශයේ නිෂ්පාදකයෝ පවසති .

හෙට සහ අනිද්දා සේවයට පැමිණෙන නිලධාරීන් ගේ නාමලේඛනයක් පරිපාලන අංශය විසින් ඉල්ලා ඇත.

සහකාර අධ්‍යක්ෂ හේම අජිත් මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම ලිපියේ හෙට සහ අනිද්දා සේවයට වාර්තා කිරීමට හේතු ද විමසා ඇත.

– repoter


No comments:

Post a Comment

Post Bottom Ad