president - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 1, 2019

president

මරිකාව සමඟ අත්සන් කිරීමට යෝජනා කර ඇති මිලේන්ියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීම වහා නවතන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නියෝග කර තිබේ.


ජනාධිපතිවරයා විසින් මෙම දැනුම්දීම කර ඇත්තේ ජනාධිපතිවරණයට පෙර මෙම ගිවිසුම අත්සන් කිරීමට කටයුතු සූදානම් වෙමින් ඇති බව විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඔහු හමුවී පෙන්වා දීමෙන් පසුවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මන්ත්‍රී පිරිස ජනාධිපතිවරයා හමුවී මෙම සම්බන්ධයෙන් පැහැදිලි කිරීම කරන ලද අවස්ථාවේදීම ජනාධිපතිවරයා දුරකථනයෙන් අමතා මංගල සමරවීර මහතාට මේ බව දැනුම් දී තිබේ.

මෙම ගිවිසුම අත්සන් කිරීම අනුමත කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ දී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ප්‍රබල මත ගැටුමක්ද ඇතිවිය.

No comments:

Post a Comment

Post Bottom Ad