නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දිමෙන් පසුව සභාව ඇමතු ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කර සිටියා,
ලබන සදුදා වන විට තමන් රාජ්‍ය අමාත්‍යවරුන් පත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා. කැබිනට් අමාත්‍යවරුන් එම රාජ්‍ය අමාත්‍යවරුන්ට සිය රාජකාරි කරගෙන යාමේදි අවශ්‍ය උපකාර සහ සහයෝගය ලබා දෙන ලෙසයි ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ.
අද අප පත් කරනු ලැබුවේ අන්තර්කාලීන අමාත්‍ය මණ්ඩලයක්. අපිට විශාල අභියෝග තිබෙනවා. ජනතාවගේ විශාල බලාපොරොත්තු තිබෙනවා.
පසුගිය කාලයේ පැවති කාලසිමාවේදි පැවති දේශපාලන ප්‍රවාහය සම්බන්ධයෙන් ජනතාවගේ තිබුණේ දැඩි අකමැත්තක්. ඒ නිසා ඉදිරියේදි ජනතාවගේ ආකල්ප වෙනස් කරන ආකාරයේ වැඩකොටසක් කිරිම අපේ යුතුකමයි. එය අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන්ව තිබෙන සහන ජනතාවට ලබා දිය යුතුයි.
ඉතා වැදගත් කරුණක් වන්නේ රාජ්‍ය ව්‍යවසාය සහ සංස්ථා පාඩු ලබනවා. ඒවා භාණ්ඩාගාරයට බරක් නොවන්න කටයුතු කළ යුතුයි.
එම සංස්ථා සදහා සභාපතිවරුන් සහ අධ්‍යක්ෂක මණ්ඩලයන් සදහා නිලධාරින් පත් කර ගැනිමේදි ඊට සුදුසු පුද්ගයන් ඇත්නම් ඒ අයගේ නම් තමන් වෙත දන්වා එවන ලෙස ජනාධිපතිවරයා මෙහිදි සදහන් කර සිටියා.
එමෙන්ම නිපුනත්වයක් අවශ්‍ය නොවන රැකියා සදහා පුරප්පාඩු පිරවිමේදි රටේ සිටින දුගී පවුල්වල ජනතාවට ප්‍රමුඛ තැන ලබා දෙන ලෙස ජනාධිපතිවරයා මෙහිදි සියළුම කැබිනට් ඇමතිවරුන්ට සහ මන්ත්‍රිවරුන්ට ප්‍රකාශ කර සිටියා.
ඒ සම්බන්ධයෙන් වන තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලයට දන්වා එවන ලෙසට ජනාධිපතිවරයා මෙහිදි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
No comments:
Post a Comment