වැලිකඩ - අඟුණුකොලපැලැස්ස - බූස්ස බන්ධනාගාර නොසන්සුන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 12, 2019

වැලිකඩ - අඟුණුකොලපැලැස්ස - බූස්ස බන්ධනාගාර නොසන්සුන්

රෝයල් පාර්ක් මිනීමැරුමේ මරුණ දඩුවම නියම වූ විත්තිකරුට දුන් ජනාධිපති සමාව තමන්ටද ලබාදෙන ලෙසට වැලිකඩ බන්ධනාගාරයේ සිරුකරුවන් දෙදෙනෙකු වහලයට නැඟීමත් සමඟම වැලිකඩ , අඟුණුකොලපැලැස්ස සහ බූස්ස බන්ධනාගාරවල ද මේ වන විට නොසන්සුන්තාවයක් හටගෙන ඇතැයි වාර්තාවේ.


අද පෙරවරුවේ සිට ‘‘එල්‘‘ ශාලාවේ සිරකරුවන් පිරිසක් ඊට සහය පලකරමින් සිරවාට්ටුවේ පිටතට පැමිණ ආහාර වර්ජනයක යෙදී සිටින බවද පැවසේ.

චැපල් ශාලාවේ ඒ 3, බී 3, සී 3 ශාලාවල රඳවා සිටින මරණ දඩුවම නියම වූ සිරකරුවන් පිරිසක් මේ වනවිට වහලය මත සිටින සිරකරුවන්ට සහය දක්වන්නට පටන් ගෙන ඇතැයිද දැනගන්නට තිබේ.

ඔවුන්ගෙන් කිහිපදෙනෙකු ද දිවා හා රාත්‍රී ආහාර වර්ජනයක යෙදී සිටින බව වාර්තාවේ.

මේ පිළිබඳ බන්ධනාගාර කොමසාරිස් බන්දුල ජයසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ ආහාර වර්ජනය කර සිටි සිරකරුවන්ගෙන් පිරිසක් ආහාර ලබාගත් බවය.

වහලය මත නැග සිටින සිරකරුවන් දෙදෙනා සවස් වනතුරුත් වහලයෙන් නොබැස සිටි බවද ඒ මහතා කීය.

No comments:

Post a Comment

Post Bottom Ad