ජනතාවගේ හදවත් දිනන වැඩපිළිවෙලකට යා යුතුයි - විදුර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 19, 2019

ජනතාවගේ හදවත් දිනන වැඩපිළිවෙලකට යා යුතුයි - විදුර

ජනතාවගේ හදවත් දිනන වැඩපිළිවෙලකට යා යුතුයි - විදුර

සාමාන්‍ය ජනතාව තවදුරටත් පොරොන්දු දේශපාලනය මත නොරැඳෙන බව මෙවර ජනාධිපතිවරණයෙන් මැනවින් පෙන්නුම් කළේ යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ කළුතර ප්‍රදේශයේ පැවති රුක් රෝපණ වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් පළ කරමින්.

ජනතාව තවදුරටත් පොරොන්දු දේශපාලනය මත නොරැඳෙන බවත් ප්‍රතිපත්තිමය දේශපාලනයක ජනාතව සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

භෞතික සම්පත් ලබා දුන්න ද ජනතාවගේ හදවත් දිනා ගැනීමට වැඩපිළිවෙලක් පසුගිය මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යටතේ නොතිබුණු බවත් ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙනා යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ගතානුගතික පාරම්පරික දේශපාලනයෙක් මිඳී රට නව විප්ලවයක් කරා ගෙන යා යුතු බවත් විඳුර වික්‍රමනායක මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad