නව ජනපති ලෙස දිවුරුම් දුන් ගෝඨාභය ජනතාවට දුන් පණිවුඩය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 18, 2019

නව ජනපති ලෙස දිවුරුම් දුන් ගෝඨාභය ජනතාවට දුන් පණිවුඩය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමණෙන් තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) මීට සුළු මොහොතකට පෙර අනුරාධපුර රුවැන්වැලි සෑ මහ මළුවේදී ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නා.

ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමට ප්‍රථමයෙන් ජය ශ්‍රී මහා බෝ සමිදුන් හා රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ වැදපුදා අශීර්වාද ලබා ගත්තා.

දිවුරුම් දීමෙන් අනතුරුව ජනතාව ඇමතූ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ මෙම ජයග්‍රාහණය බහුතර සිංහල ඡන්දවලින් ලබා ගැනීමට හැකි බව තමා මුල සිටම දැන සිටි බවයි. එහෙත් එම ජයග්‍රහණය සඳහා එක්වන ලෙස තමා දෙමළ සහ මුස්ලිම් ජනතාවගෙන් ද ඉල්ලා සිටි බවත් එය තමා අපේක්ෂා කළ මට්ටමට නොතිබුණු බවත් නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළා.

එහෙත් දැන් එළඹ ඇත්තේ සියලු දෙනා එකතු වී රට සාර්ථකත්වය කරා රැගනෙ යන අවස්ථාව බවයි පෙන්වා දුන්නේ.

සිය ගමනේ අයෝමය ශක්තිය වුයේ මෙරට පස්වන විධායක ජනාධිපති ලෙස කටයුතු කළ වත්මන් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ බවත් මේ මොහොතේ තමා ඔහුට සුබ උපන් දිනයක් වේවායි ප්‍රාර්ථනා කරන බවත් සඳහන් කළා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාටත් විශේෂ ස්තූතියක් පළ කරන බවද සඳහන් කළා.

එමෙන්ම සිය පක්ෂයට සියලු ආකාරයෙන් ශක්තියක් වූ සියලු නිලධාරීන්ට, සාමාජිකයන්ට, සහ පාක්ෂිකයන්ටද ස්තූතිය පිරිනමන බවයි සඳහන් කළේ.

ජාතියක් වශයෙන් එකතු වී රට ගොඩ ගැනීමේ කාලය දැන් එළඹ ඇති බැවින් ඒ වෙනුවෙන් කටයුතු කිරීමට එකතු වෙන ලෙසත් රට වෙනුවෙන් තීරණ ගැනීමේදී තමා සතු විධායක බලතල භාවිතා කිරීමට කිසි විටෙකත් පසුබට නොවන බවත් සඳහන් කළා. 


No comments:

Post a Comment

Post Bottom Ad