මහ බැංකු සොරකමේ වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරනවා - විමල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 21, 2019

මහ බැංකු සොරකමේ වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරනවා - විමල්

මහ බැංකු සොරකමේ වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරනවා - විමල්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්යුත් පවතින ආණ්ඩුවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඉදිරියේදී පිහිටුවන රජය මගින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. 

ඊයේ (20) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පල කරන පක්ෂවල නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් විමල් වීරවංශමහතා මේ බව පැවසීය.

එමෙන්ම මහ බැංකුවේ සිදු වු සොරකම සම්බන්ධයෙන්ද සොයි බලා වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමටය කටයුතු කරන බවද ඒ මහතා පවසයි.

සූදු වැන් රියදුරු ලෙස පසුගිය දා යම්  පුද්ගලයෙක් ගෙන්නවා රාජිත සේනාරත්න මහතා විසින් කළ ක්‍රියාදාම සම්බන්ධයෙන්ද නීතිමය පියවර ගන්නා බවත් අදාල රියදුරුයැයි පැවසු පුද්ගලයාද අත්අඩංගුවට ගෙන ඔගේ සාක්ෂි අනුව එවැනි ඝාතන සිදු වි ඇත්නම් ඒ සම්බන්දයෙන්ද ක්‍රිා කරන බව ඒ මහතා සඳහන් කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා පැවසුවේ ජනාධිපතිවරණ සමයේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ප්‍රකාශ කිරීමට ප්‍රතිවාදීන් කටයුතු කළ බවයි.

ඒ සම්බන්ධයෙන් ද කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad