කවුරු විපක්ෂ නායක වුණත් අපිට එකයි - රෝහිත - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 22, 2019

කවුරු විපක්ෂ නායක වුණත් අපිට එකයි - රෝහිත

කවුරු විපක්ෂ නායක වුණත් අපිට එකයි - රෝහිත

විපක්ෂ නායක ධුරය කාට හිමි වුවද නව රජයට එය අභියෝගයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගෙන් සැඳුම්ලත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්විමක් ඊයේ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණි.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ මේ වන විට රට වැටී ඇති තත්ත්වයෙන් නැවත ගොඩගැනීමේ අභියෝගයට සූදානම් බවයි.

ඒ සඳහා රටට හොඳ නායකත්වයක් මේ වන විට ලැබී ඇති බවත් රට ගොඩ නැගීමේ වගකීම භාර ගැනීමට සූදානම් බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එසේම විපක්ෂයේ පිරිස්ගෙන් කිසිදු විටක දේශපාලන පළිගැනීම්වලට ලක් නොකරන බවත් නමුත් වැරදි කළ පිරිස් නීති හමුවට ගෙන ඒමට කටයුතු කරන බවත් රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

පාස්කු ප්‍රහාරය, බැඳුම්කර වංචාව, වෙනත් දූෂණ වංචා සම්බන්ධයෙන් නීත්‍යානුකුලව විමර්ශන කටයුතු සිදු කරන බවත් පවසන ඒ මහතා විපක්ෂ නායක ධුරය කාට හිමි වුවද රජය නිසි ආකාරයෙන් දුර දක්නා නුවණින් වැඩ කරන බැවින් එය අභියෝගයක් නොවන බවද කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad